ට්‍රම්ප්ගේ නියෝගයෙන් යේමනයේ හූති සටන්කාමීන්ට ගුවන් ප්‍රහාර

ඇමරිකානු හමුදා යේමනයේ හූති සටන්කාමීන් ඉලක්ක කර ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙනවා.

ඒ, ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් යේමනයට ප්‍රහාර එල්ල කරන බව නිවේදනය කර පැය කිහිපයකට පසු මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට පත්වීමෙන් පසු යේමනයේ හූතිවරුන්ට එරෙහි එල්ල කළ පළමු ප්‍රහාරය මෙයවන අතර මෙම ප්‍රහාරවලින් 21 දෙනෙකු මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඇමරිකානු සහ වෙනත් රටවල නෞකා හූතිවරුන් විසින් කොල්ලකෑම් හා එම නෞකාවලට ඔවුන් එල්ල කරන ප්‍රහාර ඉහළ යාම හේතුවෙන් හූති සටන්කාමීන් වෙත ප්‍රහාර එල්ල කරන බවයි ට්‍රම්ප් පවසා සිටියේ.

සිය සමාජ මාධ්‍ය ජාලයේ සටහනක් නිකුත් කරමින් සඳහන් කළේ, යේමනයේ හූතිවරුන් සඳහා තීරණාත්මක හා ප්‍රබල මිලිටරි ක්‍රියාමාර්ග ගැනීමට තමා සූදානම් බවයි.

නිවේදනයක් නිකුත් කරමින් හූතිවරු , යේමනයේ අගනුවර වන සානා හි නේවාසික ප්‍රදේශ ඉලක්ක කරගත් “දුෂ්ට” ආක්‍රමණය සම්බන්ධයෙන් එක්සත් ජනපදය සහ එක්සත් රාජධානියට දොස් පවරා සිටියා.

කෙසේ වෙතත් එක්සත් රාජධානිය සෙනසුරාදා හූති ඉලක්කවලට එරෙහි එක්සත් ජනපද ප්‍රහාරවලට සහභාගී නොවූ බවයි පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40
Video thumbnail
හිර ගෙවල් දහසක දැම්මත් යුතුකම දිවි හිමියෙන් ඉටු කරනවා - විමල් සැරවෙයි
02:04
Video thumbnail
2018 වස‍රෙත් ඥානසාර හිමි දඬුවම වින්දේ සිර ඇඳුමෙන්
08:02
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36