ටයිටන් සබ්මැරීනයේ සුන්බුන් කොටස් ගොඩබිමට

අත්ලාන්තික් සාගරය පතුලේ පවතින ටයිටැනික් නෞකාවේ සුන්බුන් ආසන්නයේ විනාශවී ගිය ටයිටන් සබ්මැරීනයේ සුන්බුන් කොටස් ගොඩබිමට රැගෙන ආ බව ඇමරිකානු වෙරළ ආරක්ෂක බලකාය තහවුරු කර තිබෙනවා

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇමරිකාවේ නිව් ෆවුන්ඩන් වෙරළතීරයට එම කොටස් රැගෙන ආ බවයි. සබ්මැරීනයේ සුන්බුන් ආසන්නයේ තිබී මිනිස් අශ්ථි කොටස් කිහිපයක් සොයාගෙන ඇති බවයි දෙස් මාධ්‍ය වාර්තා කළේ .

ඇමරිකානු වෛද්‍ය පිරිසක් විසින් ඒ පිළිබඳ විධිමත් විශ්ලේෂණයක් ඉදිරියේ දී සිදුකරනු ඇති බවයි ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීම සඳහා සංචාරකයන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් පස්දෙනෙකු ටයිටන් සබ්මැරිනය මගින් ඉකුත් 18 වැනිදා අත්ලාන්තික් සාගර පතුලට ළඟා වී තිබුණා. ගමන ආරම්භ කර පැය දෙකකට ආසන්න කාලයකදී සබ්මැරීනය මව් නෞකාව සමග පැවති සබඳතා බිඳ වැටුණු අතර දින පහක් පුරා මෙහෙයුම් වලින් අනාවරණය වූයේ එය පුපුරා විනාශ වී ගොස් ඇති බවයි. අනතුරත් සමඟ සබ්මැරිනයේ ගමන් කල පුද්ගලයින් පස් දෙනා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වුණේ .



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන ගම්පහ මහා රැලිය
00:00
Video thumbnail
ශිරන්තිගේ ඇසේ සැත්කමක් කරන්න තියෙනවා - බෙහෙත් ගත්තු ගමන් ආපහු එයි
02:25
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ආයතනය ලංකාවේ ආර්ථිකයට ලොකු ශක්තියක් ලබා දෙනවා - මම අගය කරනවා
01:40
Video thumbnail
තිලීපන්ගේ පිළිරූව අයින් කළාට පස්සේ වුණ දේ..
01:25
Video thumbnail
හිමිනමක් මාලිමා වේදිකාවේ සැරටම කිව්ව දේ - පිරිසිදු හිත් ඇතිවෙන ජනතාව නිර්මාණය වෙනවා
08:32
Video thumbnail
159ම ලස්සන වෙලා, පොහොසත් වෙලා
09:18
Video thumbnail
තිලීපන්ගේ පිළිමය අරගෙන ගියාම ප්‍රශ්නය ඉවරද ?එදා ආණ්ඩුවේ අයත් තිලීපන් සැමරුමේ හිටියා ?
02:20
Video thumbnail
75 හැවිරිදි සිව්දරු පියාට අත්වූ ඛේදනීය ඉරණම - වැව් ඉස්මත්තේ තියෙනවා අලින්ට ඉන්න බෝඩිමක්
03:15
Video thumbnail
නාමල්ව ආරක්ෂා කරන්න රටේ මිනිස්සු එකතුවෙනවා
03:21
Video thumbnail
ගලිගමුවට ගිය සජිත්ට ලැබුණු ආදරණීය පිළිගැනීම
01:50