ඥානසාර හිමි හෙට දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග

වරෙන්තු නිකුත් කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගනු ලැබූ බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමි පොලිසිය විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව හෙට (05) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

අද (04) දිනයේ අධිකරණයට රැගෙන ආ ඥාණසාර හිමියන්ව මහේස්ත්‍රාත් නිල කාමරයට රැගෙන ගිය අතර එහිදී මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

ඥාණසාර හිමි අභියාචනාධිකරණයේ නොතීසිය මත අධිකරණයේ පෙනී නොසිටීම නිසා වරෙන්තු ලබා සිටි අතර, මීට අමතරව මහාධිකරණ අංක 9 සහ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ අංක 3 ඉදිරියේ පෙනී නොසිටීම මතද වරෙන්තු ලබා සිටයා

උන්වහන්සේව හෙට (05) දිනයේ අභියාචනාධිකරණයට ඉදිරිපත් කරන ලෙසද අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

එමෙන්ම 06 වනදා කොළඹ මහාධිකරණ අංක නවයට සහ 07 වනදා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

අධිකරණය හමුවට ඉදිරිපත් කිරීම සඳහා නිකුත් කර තිබූ වරෙන්තුවකට අනුව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් තීනියාවල ප්‍රදේශයේදී පොලීසිය විසින් ඊයේ (03) දින අත්අඩංගුවට ගනු ලැබුවා.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් උන්වහන්සේට මීට පෙර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ප්‍රදානය කර තිබූ ජනාධිපති සමාව නීතිය ඉදිරියේ බලරහිත බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කිරීමත් සමඟ උන්වහන්සේ වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කරමින් වරෙන්තු නිකුත් කර තිබුණා.

කෙසේ වෙතත් නීතිය ක්‍රියාත්මක වීම මඟහරිමින් සැඟව සිටි උන්වහන්සේව පොලිසියට ලද විශේෂ තොරතුරක් මත ආරණ්‍ය සේනාසනයක දී සොයාගෙන අත්අඩංගුවට ගනු ලැබුවා.

ජනාධිපති පොදු සමාව බලරහිත කරන මෙන් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග නිකුත් කර තිබූ පසුබිමක පවා උන්වහන්සේ අධිකරණය හමුවට ඉදිරිපත් නොවූ අතර, ඒ අනුව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා අභියාචනාධිකරණයට මෝසමක් ගොනු කර තිබුණා.

එම මෝසම ඉකුත් 29 වැනිදා මායාදුන්නේ කොරයා සහ ලක්මාලී කරුනානායක යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී ද නොතීසි නිකුත් වී සිටි විත්තිකාර ඥානසාර හිමි අධිකරණය හමුවේ පෙනී සිටියේ නැහැ.

එහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ අධිකරණය හමුවේ ප්‍රකාශ කර සිටියේ, විත්තිකාර ඥානසාර හිමියන් පිත්තාශයේ සැත්කමකට ලක්කර ඇති බවත් මේ වන විට උන්වහන්සේ විවේක සුවයෙන් පසුවන බවයි.

කෙසේවෙතත් උන්වහන්සේගේ එම අසනීප තත්ත්වය තහවුරු කිරීම වෙනුවෙන් කිසිදු වෛද්‍ය වාර්තාවක් එදින අධිකරණය හමුවේ ඉදිරිපත් කිරීමට විත්තියේ නීතිඥවරුන් අපොහොසත් වුණා.

ඒ අනුව කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල, විත්තිකාර හිමිනම වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කරමින් විවෘත වරෙන්තු නිකුත් කළා.

එමෙන්ම උන්වහන්සේගේ විදෙස් ගමන් ද තහනම් කළ අධිකරණය, අදාළ වරෙන්තුව පොලිස්පතිවරයා මාර්ගයෙන් වහාම ක්‍රියාත්මක කර ඔක්තෝබර් පළමුවැනිදා වන විට අධිකරණය හමුවට පමුණුවන ලෙසට නියෝග කර තිබුණා.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්වීමේ නඩුව හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ අවස්ථාවේදී අධිකරණයට අපහාස වන ආකාරයෙන් හැසිරීමේ වරදට අභියාචනාධිකරණය මගින් 2018 අගෝස්තු මාසයේදී ඥානසාර හිමියන්ට වසර 19ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් (වසර 6කින් ගෙවී යන පරිදි) නියම කර තිබුණා.

සිරදඬුවම නියමවීමට මාස කිහිපයකට පසු එනම් 2019 මැයි මාසයේදී එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් උන්වහන්සේට විශේෂ ජනාධිපති සමාවක් ලබා දෙමින් නිදහස් කිරීමට පියවර ගනු ලැබුවා.

අදාළ ජනාධිපති සමාව නීත්‍යනුකූල නොවන බවට පෙන්වා දෙමින් සන්ධ්‍යා එක්නැලිගොඩ ඇතුළු පාර්ශ්ව කිහිපයක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිසි ක්‍රියාපටිපාටිය උල්ලංඝනය කරමින් අත්තනෝමතිකව මෙම සමාව ලබා දී ඇති බව තීන්දු කරමින් එය බලරහිත කළා.

ජනාධිපති සමාව බලරහිත වීමත් සමඟ අභියාචනාධිකරණය මගින් නියම කරන ලද මුල් සිරදඬුවම යළි නීත්‍යනුකූලව බලාත්මක වන බැවින් උන්වහන්සේ අත්අඩංගුවට ගැනීමේ නියෝගය ක්‍රියාත්මක වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිනිස්සුන්ට ජරා කෑම කන්න දීපු අපායක් කොටුවෙයි
03:52
Video thumbnail
ඥානසාර හිමිව අධිකරණයට - ඇතුලට යන්න කළින් කිව්ව දේ මෙන්න
01:35
Video thumbnail
ජන අරගලය ව්‍යාපාරයේ විරෝධතා අතර අත්අඩංගුවට ගත් 6 දෙනා අධිකරණයට
01:35
Video thumbnail
වගකිව යුතු බලධාරීන්ගේ අවධානයට! රක්ෂිතයට කර්මාන්තශාලා අපද්‍රව්‍ය බැහැර කරයි
01:23
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
01:05
Video thumbnail
අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:38
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි
01:05
Video thumbnail
මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවරයින් පිරිස නාවික හමුදාවෙන් අල්ලගනී
00:25
Video thumbnail
කථානායකට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක් ? කථානායක නිල නිවසේ පොත්පත් අතුරුදන්
03:58
Video thumbnail
අපේ ජනාධිපති එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට සහභාගි නොවුණ නිසාද අමෙරිකාව තර්ජනය කරන්නේ ?
04:52