ඥාතීන් බලන්න ලංකාවට ආ පුද්ගලයා නයාරු මුහුදේ ගිලී මරුට

මුලතිව් පොලිස් වසමේ නයාරු මුහුදු තීරයේ දියනෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ (16) පස්වරුවේ මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අච්චුවේලි ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 51ක පුද්ගලයෙක්.

මෙම පුද්ගලයා කැනඩාවේ පදිංචිව සිට ඇති අතර, මෙරටට පැමිණ පවුලේ ඥාතීන් හා මිතුරන් පිරිසක් සමඟ විනෝද චාරිකාවක් ගොස් සිටි අතරතුර දියනෑමට ගොස් මෙලෙස දියේ ගිලී ඇති බව විමර්ශනයේදී ආනාවරණය වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව් පොලසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.