ජෝසප් ස්ටාලින්ට ඇප

අත්අඩංගුවට ගෙන සිටි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් ඇප මත නිදහස් කිරීමට කොටුව මහේස්ත්‍රාත් අ‍ධිකරණය අද (08) නියෝග කර තිබෙනවා.

ඉකුත් මැයි 28 වැනිදා ලංකා බැංකු මාවතේ දී පැවති විරෝධතාවට එක්වෙමින්, මහජන පීඩා ඇති කළැයි කියන සිද්ධියට අදාළව අධිකරණයෙන් නිකුත් කළ නියෝගය කඩ කළැයි කොටුව පොලිසිය විසින් ඔහුව පසුගිය 03 වනදා අත්අඩංගුවට ගනු ලැබුවා.

අනතුරුව ඊට පසු දා (04) සැකකාර ජෝසප් ස්ටාලින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළා.