ජොන්ස්ටන්ගේ මූලික විරෝධතාවක් කොළඹ මහාධිකරණයෙන් ඉවතට

වෙළඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත්කර දේශපාලන කටයුතුවල යෙදවූ බවට චෝදනා කර හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව පවරා පවත්වාගෙන යාමට නොහැකි බවට විත්තිය විසින් මතුකළ මූලික විරෝධතා අද (27) කොළඹ මහාධිකරණය ප්‍රතික්ෂේප කළා.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ සඳහන් කළේ අල්ලස් පනත යටතේ ගොනු කර තිබෙන මෙම චෝදනා පවරා පවත්වාගෙන යාමට නොහැකි බවට විත්තිය විසින් මතුකරන ලද මූලික විරෝධතා සියල්ල ප්‍රතික්ෂේප කරන බවයි.

අදාළ චෝදනා විභාග කිරීමට තම අධිකරණයට බාධාවක් නොමැති බව සඳහන් කළ විනිසුරුවරයා නඩු විභාගය මැයි මස 10 වනදා පවත්වන බවත්, එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සාක්ෂිකරුවන්ට සිතාසි නිකුත් කරන ලෙසත් නියෝග කළා.

එමෙන්ම විත්තියට අවශ්‍ය කරන ලේඛන නඩු විභාගයට පෙර ලබාදීමට පියවර ගන්නා ලෙසද විනිසුරුවරයා විසින් කොමිසමට නියෝග කරනු ලැබුවා.

වෙළඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටිය දී සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත්කර දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කොට හිටපු වෙළෙඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු, සතොස ආයතනයේ හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ එම ආයතනයේ හිටපු අධ්‍යක්ෂ වරයකු වන මොහොමඩ් සාකීර් යන අයට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම නඩුව පවරා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
3
අවුල් වගේ !
0
හරි හිනා !
1
හම්මෝ !
1
මාර දුකයි !
1
මලපනිනව !
0
කුජීතයි !
3
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?