Empty Ad
AFC Banner
Empty Ad

ජීවනී හදනවා බලන්න ඇමති නලින්ද රත්මලානට ගිහින්

පාචනය හා වමනය හේතුවෙන් ඇතිවන විජලනය වළක්වාලීම සඳහා මුඛ විජලන ප්‍රතිකාරයක් ලෙස භාවිත කරණු ලබන ජීවනී (Oral rehydration salts – (ORS) නිෂ්පාදනවල අඛණ්ඩ සැපයුමක් මෙරට සෞඛ්‍ය අංශයේ වෙළඳපොළ තුළ පවත්වාගෙන යාමටත් ජීවනී නිෂ්පාදන වෙළඳපොළ පුළුල් කිරීම සඳහාත් නිෂ්පාදනයට අදාළ නවීන තාක්ෂණයෙන් යුත් යන්ත්‍ර සූත්‍ර කඩිනමින් ස්ථාපිත කිරීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස උපදෙස් දී තිබෙනවා.

පසුගිය දා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට අයත් රත්මලාන ගබඩා සංකීර්ණයේ සහ නිෂ්පාදන ඒකකයේ විශේෂ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා එහි පාලන අධිකාරියට මෙලෙස උපදෙස් ලබාදෙනු ලැබුවා.

මේ වන විට සමස්ත දිවයිනම ආවරණය වන පරිදි ජීවනී නිෂ්පාදන බෙදාහැරීමේ යම් දුර්වලතාවයක් වාර්තා වන බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස වෙත වාර්තා වීමත් සමඟ අමාත්‍යවරයා පූර්ව දැනුම් දීමකින් තොරව කරුණු විමසීම සදහා මෙම විශේෂ නිරීක්ෂණ චාරිකාව සිදුකර තිබෙනවා.

ජීවනී නිෂ්පාදන කරනු ලබන මෙරට එකම ආයතනය රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව වන අතර, එම සංස්ථාව යටතේ ක්‍රියාත්මක වන රත්මලාන නිෂ්පාදනාගාරය තුළ උපරිම ධාරිතාවය යටතේ මාසිකව 1000 ml පැකට් 33,500ක් අයත් වන කාණ්ඩ 25ක් ද (33500 X 25), 200 ml පැකට් 165,500 බැගින් වන කාණ්ඩ 08ක් ද (165500 X 8) මාසිකව නිෂ්පාදනය කරනු ලබනවා.

මේ වන විට ප්‍රමාණ දෙකකට අයත් ජීවනී නිෂ්පාදන සඳහා භාවිත කරනු ලබන්නේ එකම යන්ත්‍රයක් බවත්, එම යන්ත්‍රය ද වසර 12 පැරණි බව ද මෙහි දී අනාවරණය වුණා.

වර්තමානයේ වෙළදපොළ පවතින ඉල්ලුමට සරිලන නිෂ්පාදන ධාරිතාවය එක් යන්ත්‍රයකින් නිෂ්පාදනය කිරීමට නොහැකි බව ද කාර්ය මණ්ඩලය අමාත්‍යවරයාට පෙන්වා දුන් අතර, වර්තමානයවන විට වෙළදපොළ තුළ ජීවනී නිෂ්පාදනවල අතිරික්තයක් නොවීම එයට හේතුවක් වී ඇති බව ද මෙහි දී හෙළිව තිබෙනවා.

මෙම තත්ත්වය පිළිබඳ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා සමඟ සාකච්ඡා කළ අමාත්‍යවරයා; අවශ්‍ය යන්ත්‍ර මිල දී ගැනීමට කටයුතු කරන ලෙස උපදෙස් ලබා දෙනු ලැබුවා.

එමෙන් ම පවතින සේවක ගැටළු සහ පුරප්පාඩු පිරවීම සම්බන්ධයෙන් ද කඩිනමින් පියවර ගන්නා බව අමාත්‍යවරයා මෙහි දී සඳහන් කළා.

රත්මලානේ පිහිටි මෙම නිෂ්පාදනාගාරය තුළ ජීවනී නිෂ්පාදනවලට අමතරව ග්ලූකෝස් සහ VG සමේ මතුපිට ආලේපනය ද නිෂ්පාදනය කරනු ලබනවා.

23 දෙනෙකුගෙන් සමන්විත කාර්ය මණ්ඩලයක් ද එහි සේවයේ නිරතව සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව - 2025.03.18
03:01:01
Video thumbnail
බටලන්ද දැන් යන්නේ වෙනම පැත්තකට - ඉස්සරහට වෙන දේවල් හිතාගන්න බෑ
12:45
Video thumbnail
දැන් අපි හොඳටම බයවෙලා ඉන්නේ ආරක්ෂාව දුන්නොත් දැනුත් මම ගන්නවා
12:05
Video thumbnail
සජබේ ප්‍රසාද් කරපු සුපිරි කතාව මෙන්න
11:34
Video thumbnail
PRAHARAYA | සමගි ජන බලවේගයේ පා.ම ප්‍රසාද් සිරිවර්ධන සහභාගීවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන සජීවීව
01:28:39
Video thumbnail
ප්‍රසාද් ආණ්ඩු බලය අල්ලන්න හදන හැටි - සජිත්ගේ මාධ්‍ය ප්‍රකාශක සියල්ල හෙළි කරයි
10:48
Video thumbnail
ප්‍රසාද් සිරිවර්ධන මුල මතක් කරපු හැටි
04:24
Video thumbnail
වෘත්තීය සමිති නලින්දට අභියෝග කරයි - අපි ලෑස්තියි ඔයත් එක්ක හැප්පෙන්න
23:34
Video thumbnail
ජීවතුන් අතරේ ඉද්දී මරණ සහතිකේ දුන්න 88/89 ඇඟ හිරිවැටෙන කතාව
21:33
Video thumbnail
වර්ජනය කරපු අයට නලින්ද රතු එළි දල්වයි
17:09

?