spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජැෆ්නා රජවරු සහ දඹුල්ල අවුරා තරගයේ කාසිය වාසිය ජැෆ්නා රජවරුන්ට

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ පස්වන තරගය අද (01) කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.

ඒ, දඹුල්ල අවුරා කණ්ඩායම සහ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අතරයි.

මෙම තරගයේ කාසිය වාසිය හිමිකර ගැනීමට ජැෆ්නා නායකයා සමත් වූ අතර, ඔහු තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටයි.

මෙම කණ්ඩායම් දෙකම මෙවර තරගාවලියේ සහභාගීවන දෙවන තරගය මෙය වන අතර, ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ඔවුන් සහභාගී වූ පළමු තරගය ජයග්‍රහණය කළා.

දඹුල්ල අවුරා කණ්ඩායම ඊයේ ඔවුන් සහභාගී වූ පළමු තරගය තියුණු තරගයකින් පසු සුපිරි පන්දුවාරයේ දී පරාජයට පත් වුණා.

අද තරගයේ දී දකුණු අප්‍රිකානු සුපිරි ක්‍රීඩක ඩේවිඩ් මිලර් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිත අතර, පෙර තරගය ක්‍රීඩා කළ නිශාන් මදුෂ්ක අද තරගයෙන් ඉවත්කර තිබෙනවා.

එමෙන්ම දඹුල්ල කණ්ඩායමට ඇෆ්ගනිස්ථාන දඟ පන්දු යවන ක්‍රීඩක නූර් අහමඩ් අද තරගයට කැඳවා ඇති අතර ප්‍රවීන් ජයවික්‍රම අද තරගයෙන් ඉවත්කර ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?