ජැෆ්නා රජවරු සහ දඹුල්ල අවුරා තරගයේ කාසිය වාසිය ජැෆ්නා රජවරුන්ට

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ පස්වන තරගය අද (01) කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.

ඒ, දඹුල්ල අවුරා කණ්ඩායම සහ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අතරයි.

මෙම තරගයේ කාසිය වාසිය හිමිකර ගැනීමට ජැෆ්නා නායකයා සමත් වූ අතර, ඔහු තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටයි.

මෙම කණ්ඩායම් දෙකම මෙවර තරගාවලියේ සහභාගීවන දෙවන තරගය මෙය වන අතර, ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ඔවුන් සහභාගී වූ පළමු තරගය ජයග්‍රහණය කළා.

දඹුල්ල අවුරා කණ්ඩායම ඊයේ ඔවුන් සහභාගී වූ පළමු තරගය තියුණු තරගයකින් පසු සුපිරි පන්දුවාරයේ දී පරාජයට පත් වුණා.

අද තරගයේ දී දකුණු අප්‍රිකානු සුපිරි ක්‍රීඩක ඩේවිඩ් මිලර් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිත අතර, පෙර තරගය ක්‍රීඩා කළ නිශාන් මදුෂ්ක අද තරගයෙන් ඉවත්කර තිබෙනවා.

එමෙන්ම දඹුල්ල කණ්ඩායමට ඇෆ්ගනිස්ථාන දඟ පන්දු යවන ක්‍රීඩක නූර් අහමඩ් අද තරගයට කැඳවා ඇති අතර ප්‍රවීන් ජයවික්‍රම අද තරගයෙන් ඉවත්කර ඇති බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විරෝධතා කරන භික්ෂූන් වෙත අධිකරණ නියෝගය ලබාදුන් අයුරු - "වැඩබැරි හුණ්ඩු ආණ්ඩුවට ජයවේවා"
09:20
Video thumbnail
මේවා ඉටිපන්දම් හඳුන්කූරු නෙවෙයි..අපි සිංහල බෞද්ධ භික්ෂුව ආ - සිවුරට අත තියන්න එන්න එපා
07:44
Video thumbnail
ඥානසාර හිමිට නිදහස දෙන්න - නැත්තම් ගෙදර යන්න..පෙරේතයෝ නැතිවෙන්න අපි පිරිත් කිව්වා
07:13
Video thumbnail
අධිකරණයට ආ නාමල් සහ ජානකී ලබන 23 දක්වා යළි රිමාන්ඩ්
00:29
Video thumbnail
නාමල් රාජපක්ෂ අධිකරණයට පැමිණි අයුරු - හිනාවෙවී ගැම්මට ආ හැටි
00:50
Video thumbnail
භික්ෂු විරෝධතාවයේ නවතම තත්ත්වය - "අපේ ජීවිත පරිත්‍යාගයෙන් සටන් කරනවා"
03:41
Video thumbnail
අදත් බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත තද වැසි - කැලඹුණු කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
පොලිසිය බාර ලේකම්ගෙන් මිහින්තලේ හිමිට සැර ප්‍රකාශයක්..හඬපටය ලීක්වෙයි?- ජීවිතයට මොකුත් වුණොත් බලාගන්න
12:08
Video thumbnail
නෙලුම් මල් කැඩීමට ගිහින් යළි නොඑන ගමන් ගිය පුද්ගලයා
00:32
Video thumbnail
මහ වැස්සත් සමඟ වැල්ලවාය කිරිදිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:45