ජැෆ්නා කිංග්ස් සම හිමිකරු ඇතුළු සැකකරුවන් දෙදෙනාට ඇප

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේ Jaffna Kings කණ්ඩායමේ සම හිමිකරු ඇතුළු සැකකරුවන් දෙදෙනා ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද (31) නියෝග කළා.

සැකකරුවන් දෙදෙනා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරයා විසින් කරන ලද කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය ලබා දුන්නා.

සිද්ධියට අදාළව අද දින ද අධිකරණයේ පෙනී නීතිඥවරයා තම සේවා දායකයන් දෙදෙනා අසනීප තත්ත්වයෙන් පෙලෙන බැවින් අධිකරණයෙන් ඇප ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සිද්ධියට අදාළ සැකකරුවන් ඇප මත මුදා හරිනු ලැබුවා.

එසේ ඇප මත මුදා හරිනු ලැබුවේ ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ හිමිකරු වන මංජොට් කල්රා සහ එම සිද්ධියට අධාර අනුබල ලබා දුන් බව කියන යුවරාජ් පුෂ්පා නැමැති ඉන්දියන් ජාතිකයින් දෙදෙනෙක්.

මේ අතර සෑම සතියකම සඳුදා දිනවල ක්‍රීඩා සම්බන්ධ වැරදි වැළැක්වීමේ ශ්‍රී ලංකා පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ පෙනී සිටින ලෙස ද මහේස්ත්‍රාත්වරයා සැකකරුවන්ට නියෝග කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මීගමු බන්ධනාගාර ගැ#ටුමේ පස්වන සැකකරු "ලැම්බා" අධිකරණයට ගෙන එයි - මූණත් වහගෙන එන හැටි
00:48
Video thumbnail
හර්ෂද සිල්වාට සතුට දරාගන්න බැරිවුණ මොහොත - මේ අලුත් දේශපාලන සංස්කෘතිය හොඳයි
13:48
Video thumbnail
සිරි සීවලී මහා සෑය විවෘත කිරීමට ගිය දිලිප් සහ ජගත් විතාණ - දෙන්නා කරට අත දාගෙන පඩිපෙළේ එන හැටි
04:15
Video thumbnail
බලය දෙනකොට අසීමිත බලයක් දෙන්න එපා කාට වුණත්..දැන් මිනිස්සුන්ට තේරෙනවා වැරැද්ද
03:26
Video thumbnail
අපිට ජන වරමක් තියෙනවා මැතිවරණ දෙකකදිම..උඩුදුවන්න ඕනි නෑ - ජනතාවට යුක්තිය ඉටුකරනවා
05:14
Video thumbnail
මර්වින් ඇමති කාලයේ විශාල ධනස්කන්ධයක් උපයලා - ප්‍රසිද්ධ නිළියකටත් ලක්ෂ ගණන් දීලා
06:11
Video thumbnail
ඉතාමත් දුර්ලභ වර්ගයේ හඳුන් දිවියෙක් ලොරි රථයක වැදී එළොව ගිහින්
00:35
Video thumbnail
නලින්දට හරි අපූරුවට උපදෙස් දුන් හර්ෂ ?
00:36
Video thumbnail
සුවසැරිය සංවත්සරයට ගිහින් නලින්දට උපදෙස් දුන් හර්ෂ ? - නලින්දත් හොඳට ඇහුම්කන් දෙයි
01:00
Video thumbnail
හේමසිරි සහ පූජිත් නඩු තීන්දුවට මුහුණ දෙන්න අධිකරණයට පැමිණෙයි - කට්ටිය එක්ක ගැම්මට එන හැටි
03:05