ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු නම් කරන ලෙස මැතිවරණ කොමිසම SLMC වෙත දැනුම්දීමට සැරසෙයි

එම්.එස්. අබ්දුල් වහීඩ්ගේ ඉල්ලා අස්වීම හේතුවෙන් ඇති වූ පුරප්පාඩුව පිරවීම සඳහා සුදුසු ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු නම් කරන ලෙස ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ලේකම්වරයාට අද (15) දින දැනුම් දෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එම්.එස්. අබ්දුල් වහීඩ්ගේ ඉල්ලා අස්වීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ආසනයක් පුරප්පාඩු වී ඇති බවට පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම්වරයාගෙන් ඊයේ (14) දිනයේ ලිපියක් ලැබුණු බව එම කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක සඳහන් කළා.

එම්.එස්. අබ්දුල් වහීඩ් ඊයේ දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.