ජාතික පොලිස් කොමිසමේ පුරප්පාඩු සඳහා අයදුම්පත් කැඳවයි

ජාතික පොලිස් කොමිෂන් සභාවේ පවතින සහ ඉදිරියේ දී ඇතිවීමට නියමිත සාමාජික ධුර පුරප්පාඩු සඳහා සුදුසුකම් ලත් පුද්ගලයින් නිර්දේශ කිරීම වෙනුවෙන් අයදුම්පත් කැඳවා තිබෙනවා.

ඒ, අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් සුදුසුකම් ලත් පුද්ගලයින්ගෙන් අයදුම්පත් භාර ගැනීම ආරම්භ කර ඇති බව සඳහන්.

අයදුම්පත්‍ර ශ්‍රී ලංකා පාර්ලිමේන්තු වෙබ් අඩවියේ ‘ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට නිර්දේශ කිරීම’ යන ක්ෂණික සබැඳිය යටතේ පළකර ඇති ආකෘතියට අනුව සකස් කළ යුතු වනවා..

සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍ර 2026 ජුලි 31 වනදා හෝ ඊට පෙර යොමු කළ යුතු බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සඳහන් කරන්නේ.

අයදුම්පත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ වැඩබලන මහ ලේකම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව – කාර්යාලය, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් හෝ [email protected] යන විද්‍යුත් ලිපිනයට යොමු කළ හැකියි.

ලියුම් කවරයේ ඉහළ වම් කෙළවරේ හෝ විද්‍යුත් ලිපියේ විෂය ලෙස ‘ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට නිර්දේශ කිරීම’ යනුවෙන් සඳහන් කළ යුතු බවද දැනුම් දී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහිත ආණ්ඩුවට දෙයි හොඳම පදෙන් - පරාජය එනකොට බුරුතු පිටින් යන්නේ
09:49
Video thumbnail
22ට විරුද්ධ වුණ නීතිඥයින් හැමෝම සජබයෙද ?ඔයාලා ඔච්චර කළබල වෙන්න එපා
09:11
Video thumbnail
අර්චුනා පාර්ලිමේන්තුවේ කළ පැමිණිල්ල - ධීවර ඇමති මට තිත්ත කුණුහරුපෙන් මට බැන්නා
01:03
Video thumbnail
පංති ගිය ළමයා අතුරුදන්..දැන් දින 7ක් කිසිම තොරතුරක් නෑ
01:48
Video thumbnail
මාර්ගය හරහා මාරුවෙන අමුත්තො
00:38
Video thumbnail
සරුවට වැඩුණු ගංජා හේන් දෙකක් කොටුකළ මෙහෙයුම
01:01
Video thumbnail
ඉන්දුනීසියානුවන්ගේ ජීවිත රැකගත් නාවික හමුදා මෙහෙයුම
00:38
Video thumbnail
ඔරිජිනල් හරිනි දැන් ගෙදර..පාර්ලිමේන්තුවට ඇවිත් ඉන්නේ භූත ආත්මය - භූත ආත්මය බයවෙලා
04:05
Video thumbnail
නිරුවත් රජතුමා ගැන කියලා 22වන සංශෝධනයට උත්තර දුන්න සජිත් - දැන්වත් මේක ඉල්ලා අස් කරගන්න
12:19
Video thumbnail
නාමල්ව බොරු සාක්ෂිවලින් හිරගත කරන උත්සහයෙන් බේරලා දෙන්න - සාගර එළියට ඇවිත් නාමල් ගැන කිව්ව දේ
06:06