ජාතික අඛණ්ඩතා සතිය අදින් ඇරඹේ

ජාතික අඛණ්ඩතා සතිය අදින් ආරම්භ වනවා.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය පැවසුවේ මෙම සතිය ලබන 31 වන දින දක්වා පවතින බවයි.

මෙම වසරේ එහි තේමාව වන්නේ “අඛණ්ඩතාවයේ සංස්කෘතියක් – පිරිසිදු ශ්‍රී ලංකාවක්” යන්නයි.

රාජ්‍ය සේවයේ විනිවිද පෙනෙන පද්ධති සහ භාවිතයන් හඳුන්වාදීම සහ ප්‍රවර්ධනය කිරීම, ජාතික සංස්කෘතියක් ලෙස අඛණ්ඩතාව ගොඩනැගීම සහ රටේ ආර්ථික සංවර්ධනය සඳහා රාජ්‍ය බදු නිසි ලෙස ගෙවීම සමඟ සාධාරණ වෙළඳපොළ පරිසරයක් දිරිමත් කිරීම සතියේ අරමුණු වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
4
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted