ජාත්‍යන්තර වෙළෙඳපොළේ මිල ඉහළ යාමත් සමඟ මෙරට රන් මිල ඉහළට

ජාත්‍යන්තර වෙළෙඳපොළේ රත්‍රං මිල අමෙරිකානු ඩොලර් 4,648ක් දක්වා ඉහළ යාමත් සමඟ මෙරට රත්‍රං මිල ද සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව මෙරට රත්‍රං වෙළඳපොලේ රන් මිල සාපේක්ෂව රුපියල් 7,000කින් පමණ ඉහළ ගොස් ඇති බවයි පැවසෙන්නේ.

අද උදෑසන (06) උදෑසන කොළඹ, හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළේ කැරට් 22 රන් පවුමක මිල රුපියල් 363,400ක් ලෙස සහ කැරට් 24 රන් පවුමක මිල රුපියල් 395,000ක් ලෙස සටහන් වූ බව වාර්තා වනවා.

ඊයේ දිනයේ දී කැරට් 24 රන් පවුමක මිල සඳහන්ව තිබුණේ රුපියල් 388,000ක් ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
2
+1
0
+1
2
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !