ජවිපෙ මහ ලේකම් ටිල්වින් සිල්වා සහ ඉන්දීය විදෙස් ඇමති අතර හමුවක්

ඉන්දියාවේ සංචාරයන නිරතව සිටින ජනතා විමුක්ති පෙරමුණේ මහ ලේකම් ටිල්වින් සිල්වා සහ ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් අතර ඊයේ (01) හමුවක් සිදුව තිබෙනවා.

මෙහිදී පසුගිය පෙබරවාරි මාසයේ පැවති හමුවද සිහිපත් කරමින් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සබඳතා යහපත් හා ශක්තිමත් අයුරින් වර්ධනය වෙමින් පැවතීම සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති බව සඳහන්.

විශේෂයෙන් තාක්ෂණික දියුණුව රටක සංවර්ධනයට බලපාන ආකාරය පිළිබඳව මෙහිදී සාකච්ඡා වී ඇති අතර, දේශපාලන පක්ෂ ලෙස පොදු ජනතාව සහ තරුණ ප්‍රජාව සමඟ සමීපව කටයුතු කරමින් අඛණ්ඩ සන්නිවේදනයක් පවත්වා ගැනීමේ සහ ජනතාව මුහුණ දෙන ගැටලු හඳුනාගෙන ඒවාට කඩිනමින් විසඳුම් ලබාදීමේ අවශ්‍යතාව පිළිබඳවද මෙහිදී අදහස් හුවමාරු වී තිබෙනවා.

මෙම අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර මෙන්ම දෙරටේ දේශපාලන පක්ෂ අතර ද අත්දැකීම් හා දැනුම හුවමාරු කර ගැනීමේ වැදගත්කම පිළිබඳව අවධානය යොමු කෙරුණා.

විශේෂයෙන්ම ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක ජනතාව සමඟ සමීපව කටයුතු කිරීම සඳහා ගන්නා ක්‍රියාමාර්ග හා ඒ සම්බන්ධයෙන් යොමු කරන අවධානය පිළිබඳවද මෙහිදී අදහස් හුවමාරු කර ගෙන තිබෙනවා.

තවද, ගෝලීය වශයෙන් වර්ධනය වෙමින් පවතින අර්බුදකාරී තත්ත්වයන් හමුවේ දෙරට මුහුණ දෙන අභියෝග සහ ඉදිරියේදී ගත හැකි පොදු ක්‍රියාමාර්ග පිළිබඳවද මෙම හමුවේදී සාකච්ඡා වී ඇති අතර, ශ්‍රී ලංකාව තුළ ඉන්දීය ආයෝජන සඳහා පවතින අවස්ථා සහ දෙරට අතර සංස්කෘතික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව ද අවධානය යොමුව ඇති බව සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06