මුලතිව්,කොක්කුතුඩුවායි ප්‍රදේශයේ ජල නළ එලීම සිදුකළ සේවකයින් පිරිසකට ඊයේ(29) මිනිස් අස්ථි කොටස් කිහිපයක් හමුව ඇති බව කෝකිලායි පොලිසිය පවසයි.
පොලිසිය පැවසූවේ ජල නළ එලීමක් වෙනුවෙන් කානුවක් කැපීමේදී මිනිස් අස්ථි කොටස් කිහිපයක් හමුව ඇති බවයි.
අස්ථි කොටස් හමුවු ස්ථානයේ තිබි යුධ හමුදා නිළධාරීන් භාවිතා කරන කැළෑ නිළ ඇදුමකට සමාන නිළ ඇදුමක කොටස් කිහිපයක්ද හමුව ඇති බවද පොලිසිය පැවසූහ.
ජල නළ කාර්මිකයින් සිද්ධිය සම්බන්ධයෙන් කෝකිලායි පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව පොලිස් නිළධාරීන් අදාළ ස්ථානය පරීක්ෂා කොට තිබිණ.
අස්ථි කොටස් හමුවීම සම්බන්ධයෙන් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ අදාළ ස්ථානය සම්බන්ධයෙන් වැඩිදුර කැනීම් සිදුකිරීම අද(30) දිනයේ සිදුකිරීමට නියමිතය.
මුලතිව් අධිකරණ නිළධාරීන්,පොලිස් විශේෂ කාර්ය බළකා බෝම්බ නිශ්ක්‍රීය අංශ නිළධාරීන්,පුරාවිද්‍ය නිළධාරීන් ඒකාබද්ධව කෝකිලායි පොලිස් නිළධාරීන් අදාළ ස්ථානය සම්බන්ධයෙන් කැනීම් කිරීමට නියමිතය.


















