හෙට (28) දින ජපාන විදේශ කටයුතු අමාත්‍ය හයාෂි යොෂිමසා ඇතුළු 22 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් දෙදින නිල සංචාරයකක් සඳහා දිවයිනට පැමිණීමට නියමිත වේ.
විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ, ජපාන ජ්‍යෙෂ්ඨ විදේශ ප්‍රතිපත්ති සම්බන්ධීකාරක මුරකමී මනබූ, අග්නිදිග සහ නිරිතදිග ආසියානු කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් අරිමා යුටකා යන මහත්වරුන් ද සංචාරයට එක්වනු ඇත.
ජපාන විදේශ කටයුතු අමාත්‍යවරයා ඇතුළු පිරිස, ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍යවරයා සහ විදේශ කටයුතු අමාත්‍යවරයා හමුවීමට නියමිතයි.
එම පිරිස ජපාන ආධාර යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘති නිරීක්ෂණයට ද එක්වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසීය.













