spot_imgspot_img

ජපන් රැකියා පෙන්වා මුදල් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට

ජපානයේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ කාන්තාවක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි සැකකාර කාන්තාව කාර්යාංශය වෙත ඊයේ (08) කැඳවා සිදුකළ විමර්ශනයේදී අනාවරණ වී ඇත්තේ වලංගු බලපත්‍රයක් නොමැතිව මුදල් ලබාගෙන ඇති බවටයි.

එම කාන්තාව ජපානයේ ඔසාකා නගරයේ කර්මාන්ත ශාලාවක රැකියා ලබා දෙන බවට පොරොන්දු වී රුපියල් දසලක්ෂ හැත්තෑ පන්දහසක මුදලක් ලබාගෙන රැකියා ලබා නොදුන් බවට පුද්ගලයින් දෙදෙනෙකු විසින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පැමිණිලි කර තිබුණා.

ඒ සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලට අදාළවයි සැකකාරිය මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකාර කාන්තාව අධිකරණයට ඉදිරිපත්‌ කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?