එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 76 වන සැසිවාරයට ගොස් සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ කුවේට් අග්‍රාමාත්‍ය ‘ෂෙයික් සබා අල් හමාඩ් අල් සබා’ අතර හමුවක් පසුගිය 19 වන දා පෙරවරුවේ නිව්යෝර්ක් මෑන්හැට්න්හි දී සිදුව තිබෙනවා.
දෙරට අතර පනස් වසරක සමීප සහ මිත්‍රශීලි රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සිහිපත් කළ නායක දෙපල එම සබඳතා තවදුරටත් ශක්තිමත්ව පවත්වාගෙන යා යුතු බව මෙම හමුවේ දී සඳහන් කර සිටියා.
ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් කුවේට් රාජ්‍යයේ සේවය කරන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා පුහුණු ශ්‍රමිකයින් සඳහා තවදුරටත් අවස්ථාවන් විවෘත කර දෙන ලෙස ද එහි දී ඉල්ලීමක් කර සිටියා.
කොවිඩ් වසංගතය පාලනය සහ රට තුළ සිදු කෙරෙන එන්නත්කරණ වැඩපිළිවෙළ පිළිබඳව පෙන්වා දුන් ජනාධිපතිවරයා වසංගතය පහව ගොස් ලෝකය විවෘත වීමත් සමඟ ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමේ හැකියාව පෙන්වා දුන්නා.වරාය නගරය, සූර්ය හා සුළං බලශක්ති සහ පිරිපහදු ක්ෂේත්‍රයන් තුළ කුවේට් රාජ්‍යයට ඇති ආයෝජන අවස්ථා පිළිබඳව ද ජනාධිපතිවරයා කුවේට් අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමු කළ අතර,ආහාර සුරක්ෂිතතාව, අධ්‍යාපනය, තොරතුරු තාක්ෂණය සහ සයිබර් ආරක්ෂාව පිළිබඳව ද රාජ්‍ය නායකයන් අතර කථාබහට ලක් වුණා.