AFC Banner
AFC Banner
Empty Ad

ජනපති ඉන්දියාවට දුන් පොරොන්දු සහ ගිවිසුම් මොනවද ? දයාසිරි විවාදයක් ඉල්ලයි

පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉන්දියාවට ගොස් අත්සන් කරන ලද ගිවිසුම් සහ ලබාදීමට පොරොන්දු වූ දේ පිළිබඳව පාර්ලිමේන්තුවේදී ඊයේ (08) විවාදයක් ඉල්ලා සිටියා.

ඒ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර විසින් එහිදී ඔහු පැවසුවේ,

ජනාධිපතිවරයා ඉන්දියාවත් එක්ක අත්සන් කර තිබෙන ගිවිසුම් පිළිබඳව අපට විවාදයක් අවශ්‍ය බවත්. පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීම්වල පත් කළ කාරක සභාවල ඔවුන්ගේ කිසිදු නියෝජනයක් නැති බවයි.

වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා පැවසුවේ,

අපි බිස්නස් කමිටුවේ හිටියා නම් මේ සම්බන්ධයෙන් විවාදයක් ඉල්ලනවා. අපි දන්නේ නෑ ජනාධිපතිතුමා ඉන්දියාවේ ගිහින් මොනවා අත්සන් කළාද කියලා. ත්‍රිතුණාමලය සම්පූර්ණයෙන් පවරා දෙනවා. කන්කසන්තුරය සහ පලාලි ගුවන් තොටුපළ පවරා දෙනවා. පාර්ලිමේන්තුව දන්නේ නෑ. නමුත් ජනාධිපති කියනවා පාර්ලිමේන්තුව තමයි උත්තරීතරම ආයතනය කියලා. ජනාධිපති ඉන්දියාවේ ගිහින් අත්සන් කළ ගිවිසුම් මොනවාද, ගත්තු තීන්දු මොනවාද කියලා අපිට විවාදයක් දෙන්න.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?