AFC Banner
AFC Banner
Empty Ad

ජනපති අනුරගේ පළමු නිල විදෙස් සංචාරය හෙට

ජනාධිපති අනුර කුමාර දිසානායක නිල සංචාරයක් සඳහා හෙට (15) දිනයේ ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතයි.

ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ජනාධිපතිවරයා සිදුකරන පළමු විදෙස් සංචාරය මෙය වනවා.

මෙම නිල සංචාරයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක; ඉන්දීය ජනාධිපති ද්‍රෞපදි මුර්මු මුණගැසෙන අතර අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ අනෙකුත් ඉහළ පෙළේ ඉන්දීය නිලධාරීන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරතවීමට නියමිතයි.

ජනාධිපතිවරයාගේ මෙම නිල සංචාරය දෙරට අතර දිගුකාලීන සබඳතා තවදුරටත් ඉදිරියට ගෙනයාම සහ තහවුරු කරනු ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ.

එළෙඹෙන 17 වනදා ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරය අවසන් වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
2
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?