පෙම් පළහිලව්ව දුරදිග ගොස් පෙම්වතියව ඝාතනය කරලා – පෙම්වතාත් රෝහලේ

තරුණයෙකු විසින් සිය පෙම්වතිය හිස කඳින් වෙන් කර ඝාතනය කර තිබෙනවා.

මෙම ඛේදවාචකය වාර්තා වන්නේ රත්නපුර – ඇලපාත පොලිස් වසමේ දෙල්ලබඩ ග්‍රාමයේදියි.

මොවුන් දෙදෙනා ම එකම විශ්වවිද්‍යාලයක අධ්‍යයන කටයුතු සිදු කරමින් සිට ඇති බවයි පැවසෙන්නේ.

අද (29) අලුයම 06ට පමණ මරණකාරිය තම නිවසේ මුළුතැන්ගෙයි ආහාර පිසමින් සිටින අතරතුර දී හොර රහසේ මුළුතැන්ගෙට පැමිණ ඇති පෙම්වතා අදාළ තැනැත්තියගේ ගෙළ තියුණු ආයුධයකින් කපා දමා තිබෙනවා.

එම තරුණයා ද නිවසේදීම වස බෝතලයක් පානය කර නිවසින් පලා ගොස් තිබෙනවා.

මෙම සිදුවීම සිදුවන අවස්ථාවේ දී මරණකාරියගේ මව ද නිවසෙහි වෙන යම් කටයුත්තක නිරත වෙමින් සිට ඇති අතර පියා නිවසේ සිට නැහැ.

සැකකරු ඝාතනයෙන් පසු පලා යමින් සිටියදී එම ගම්මානයේම කුඹුරකට ඇද වැටී සිට ඇති අතර පසුව ප්‍රදේශවාසීන් විසින් ඔහුව රත්නපුර රෝහලට ඇතුළත් කරනු ලැබුවා.

ඔහු එම අවස්ථාවේ දී සිට ඇත්තේ ද යට ඇඳුම පිටින් බවයි ඇසින් දුටුවන් ප්‍රාදේශීය වාර්තාකරු වෙත පවසා ඇත්තේ.

මෙම තරුණිය හා ඝාතකයා අතර පැවති ප්‍රේම සම්බන්ධය දුරදිග යාමෙන් සිදු වූ ප්‍රතිඵලයක් ලෙස ඝාතනය සිදු වන්නට ඇතැයි පොලිසිය සැක පළ කරනවා.

මෙසේ මියගොස් ඇත්තේ ඇලපාත – දෙල්ලබඩ පදිංචි කැලණිය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන 29 හැවිරිදි චන්දිමා හර්ෂණී ගුණරත්න නමැති ශිෂ්‍යාවක්.

ඝාතකයා මේ වනවිට රත්නපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවත් ඔහු 32 හැවිරිදි ගයාන් නමැති අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත් අනාවරණය වී තිබෙනවා.

ඔහු මෙම ඝාතනය සිදු කිරීමට ඊට පෙර දින රාත්‍රියේ සිට ම නිවස අසල රැඳී සිටින්නට ඇතැයි පොලිසිය සැක කරන බව ද වාර්තා වනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56