පීපල්ස්පාර්ක් වෙළෙදසැලෙන් ගත් බීම බෝතලේ විෂ වීමේ නඩුවේ සැකකරුවන්ට ඇප

කොළඹ ප්‍රදේශයේ වෙළඳසැලක් වෙත පැමිණි තරුණියකට පැණිබීම බෝතලයක් යැයි සිතා විෂ ද්‍රව්‍ය අඩංගු පිරිසිදු කාරක බෝතලයක් බීමට ලබාදීමේ සිද්ධිය බරපතළ කාරණයක් බවත් අදාළ “වෙළඳසැලේ හිමිකරුවන් ජීවිතත් සමඟ සෙල්ලම් කර ඇති බව එම ක්‍රියාව තුළින් පෙන්නුම් කරන බව ද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා ඊයේ (28) විවෘත අධිකරණයේ දී ප්‍රකාශ කළා.

කොළඹ පීපල්ස් පාක් ප්‍රදේශයේ වෙළඳසැලකින් බීම බෝතලයක් පානය කළ කාන්තාවක් රෝගී තත්ත්වයට පත්වීමේ සිද්ධියකට අදාළව වේල්ලවීදිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකු ඊයේ අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ මහෙස්ත්‍රාත්වරයා ඒ බව පැවසුවා.

එම වෙළඳසැලේ සේවකයන් දෙදෙනෙකු වන දික්ඔය ප්‍රදේශයේ පදිංචි රාජාරාම් විනෝද් හා වඳුරඹ ප්‍රදේශයේ පදිංචි දික්ම නෙත්මිණ නමැති සැකකරුවන් දෙදෙනෙකු එසේ අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණා.

සැකකරුවන් දෙදෙනා අධිකරණයකට ඉදිරිපත් කළ වේල්ලවීදිය පොලිසිය අධිකරණය හමුවේ කියා සිටියේ බීම නිෂ්පාදන ආයතනයකින් එම වෙළඳසැල වෙත ගෙනෙන ලද බීම බෝතල් භාවිතයෙන් පසු එහි ගබඩාවක තබා ඇති බවත් ය.

මෙම සිද්ධියේ සැකකරුවකු වන ගබඩා භාරකරු විසින් එම බෝතල්වලට පිරිසිදු කාරක ද්‍රව්‍ය පුරවා තිබියදී තවත් සේවකයෙකු එම බෝතල් බීම බෝතල් යැයි සිතා අලවිය සඳහා තබා ඇති බව ද පොලිසිය අධිකරණය හමුවේ පැවසුවා.

ගබඩා භාරකාර සේවකයා එම හිස් බීම බෝතල්වලට පිරිසිදු කාරක ද්‍රව්‍ය පුරවා ඇත්තේ එම වෙළඳසැල පිරිසිදු කිරීමේ අවශ්‍යතාවයන් සඳහා බවට කරුණු අනාවරණය වන බව ද පොලිසිය අධිකරණයට දැනුම්දුන්නා.

එම වෙළඳසැලට පැමිණි කාන්තාවක් බීම බෝතලයක් ඉල්ලා සිටි අවස්ථාවේදී වෙළඳසැලේ සැකකාර සේවකයෙකු බීම බෝතල් යැයි සිතා ඉහත සඳහන් කරන ලද විෂද්‍රව්‍ය අඩංගු පිරිසිදු කාරක බෝතලයක් එම කාන්තාවට ලබා දී ඇති බවත් එය පානය කළ එම තරුණිය අසාධ්‍ය තත්ත්වයට පත්වීමෙන් අනතුරුව රෝහල්ගත කර ඇති බව ද පොලිසිය අධිකරණයට දැනුම්දී ඇති බවයි පැවසෙන්නේ.

රෝහල්ගතව සිටි කාන්තාව සම්බන්ධ වෛද්‍ය වාර්තාව ලැබී ඇති බවත් ඇය පානය කර ඇති ද්‍රව්‍ය අධික විෂ කාරක ද්‍රව්‍යයක් බවට එම වාර්තාවේ සඳහන් වන බව ද සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් පොලිසිය අධිකරණය හමුවේ පැවසුවා.

අදාළ බීම නිෂ්පාදන සමාගම එම වෙළඳසැලට එරෙහිව නීතිමය පියවර ගෙන තිබේ ද යන්න පිළිබඳව මහේස්ත්‍රාත්වරයා පොලිසියෙන් විමසීමක් කළ අතර ඊට පිළිතුරු දුන් පොලිසිය කියා සිටියේ ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීම සඳහා අදාළ නිෂ්පාදන ආයතනය දැනුවත් කිරීමට පියවර ගන්නා බවයි.

මෙහිදී සැකකරුවන් දෙදෙනා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කියා සිටියේ මෙය අත් වැරදීමකින් සිදුව ඇති සිදුවීමක් බවත් ඒ සම්බන්ධයෙන් සිය සේවාදායකයන් දෙදෙනා අධිකරණයට කනගාටුව ප්‍රකාශ කර ඇති බැවින් ඒ සම්බන්ධයෙන් සලකා බලා ඔවුන්ව ඇප මත මුදා හරින ලෙසයි.

පොලිසිය හා සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා දැක්වූ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් දෙදෙනා රුපියල් ලක්ෂ 15 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස නියෝග කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56