කප්පම් ගැනීමේ සිද්ධියකට හිටපු ඇමති ප්‍රසන්න යොමු කළ ඇපෑලට දින දෙයි

බස්නාහිර පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ මීතොටමුල්ල ප්‍රදේශයේ ඉඩමක් ගොඩකිරීමේ කටයුතු ඉටුකරදීම වෙනුවෙන් ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 64ක මුදලක් ඉල්ලා තර්ජනය කළේ යැයි කියන සිද්ධියට අදාළ නඩුවේ චෝදනාවන්ට වරදකරු කෙරුණු තමන්ට කොළඹ මහාධිකරණය විසින් නියම කර තිබෙන අත්හිටවූ සිර දඬුවම් හා දඩ මුදල් අහෝසි කර එම චෝදනාවලින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග විසින් ඉදිරිපත් කළ අභියාචනාව විභාගයට ගැනීමට අභියාචනාධිකරණය දින නියම කෙරුණා.

එම අභියාචනාව අද (29) මායාදුන්නේ කොරයා, පී. කුමාරන් රත්නම්, ශෂී මහේන්ද්‍රන්, දමිත් තොටවත්ත සහ අමල් රණරාජා යන මහත්වරුන්ගේ සමන්විත පංච පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී අදාළ අභියාචනාව ජුනි මස 05, 13 සහ 16 වනදා යන දිනවල විභාගයට ගන්නා බව ද විනිසුරු මඩුල්ල නියෝග කළා.

මෙම අභියාචනයට අදාළව ලිඛිත දේශන ඉදිරිපත් කිරීම සඳහා මෙහිදී විනිසුරු මඩුල්ල විසින් අගතියට පත් පාර්ශවයට අවසර ලබා දෙනු ලැබුවා.

බස්නාහිර පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ මීතොටමුල්ල ප්‍රදේශයේ ඉඩමක් ගොඩ කිරීම සඳහා අවශ්‍ය කටයුතු ඉටුකර දීම වෙනුවෙන් ජී. මෙන්ඩිස් නමැති ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 64 ක මුදලක් ඉල්ලා තර්ජනය කිරීමේ සිද්ධියට අදාළව ගොනු කර තිබූ නඩුවේ චෝදනා කීපයකට වරදකරු කෙරුණු ප්‍රසන්න රණතුංග හිටපු අමාත්‍යවරයාට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර දෙකක සිර දඬුවමක් නියම කොට එම සිර දඬුවම වසර පහකට අත්හිටුවීමට ද නියෝග කළා.

ඊට අමතරව රුපියල් මිලියන 25ක දඩයක් ද මහාධිකරණය විසින් හිටපු අමාත්‍යවරයාට නියම කර තිබුණා.

අදාළ චෝදනාවලට තමන්ව වරදකරු කරමින් කොළඹ මහාධිකරණය දුන් තීන්දුව නීතියට පටහැනි බව ඇපෑලක් ඉදිරිපත් කළ හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග අභියාචනාධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.

එබැවින් එම තීන්දුව බලරහිත කොට තමන්ව සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් හිටපු අමාත්‍යවරයා සිය අභියාචනය මගින් අභියාචනාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14