ජනතා සහාය ඉතා වැදගත් මන්කි පොක්ස් මඬින්න

මන්කි පොක්ස් රෝගය මැඩලන්න ජනතාවගේ සහාය මේ වෙලාවේ ඉතා අත්‍යවශ්‍ය බවත් උණ, හිසරදය, වසා ගැටිති, ඉදිමීම, සමේ ලප බිබිලි හෝ තුවාල, මස්පිඩු වේදනාව වැනි රෝග ලක්‍ෂණ තිබේ නම් වහාම වෛද්‍යවරයෙකු වෙත යොමුවීම ඉතා වැදගත් බවත් ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමයේ මාධ්‍ය කැඳවුම්කරු වෛද්‍ය නවීන්ද සොයිසා පැවැසීය.

එසේම සමේ තුවාලවල ශ්‍රාවයක් හෝ ස්වසන ශ්‍රාවයන් තව කෙනකුගේ ගැටීමෙන් මෙම රෝගය බෝවිය හැකි බවද ඒ මහතා කියා සිටියේය.එසේම කෙළබිඳිති මගින් හා ලිංගාශ්‍රිත සමීප ඇසුරු මගින්ද මෙම රෝගය බෝවිය හැකි යැයිද කීය.එම රෝග ලක්‍ෂණ ඇති රෝගියෙකු සමඟ ඉතා සමීප ඇසුරක් පැවැත්වීම මගින් මෙම රෝගය සම්ප්‍රේෂණය වන බවද ඒ කියා සිටියේය.

මෙහිදී තවදුරටත් කතා කළ වෛද්‍ය නවීන්ද සොයිසා මහතා මෙසේද කීය.

තමන්ට ඉහත කියපු රෝග ලක්‍ෂණ තියෙනවානම් හැංගෙන්න එපා. බය නැතිව ඇවිත් වෛද්‍යවරයා හමුවෙලා උපදෙස් ගන්න. මහජනතාවගේ සහාය ඉතාම අවශ්‍යයි. මේ වෙනකොට කටුනායක ගුවන්තොටුපළේදී යම් ක්‍රියාවලියක් සිදුවෙනවා. විදේශගත වෙලා කෙනෙක් මේ රටට ආවම සති 6 ක් නිරීක්‍ෂණය කරන්න තමන්ට අර රෝග ලක්‍ෂණ එනවද කියලා. ඒ රෝග ලක්‍ෂණ තියෙනවානම් ළඟම ඉන්න වෛද්‍යවරයාව හමුවෙන්න.ලෝකයේ මන්කි ෆොක්ස් රෝගය වැඩිවීමේ අඩුවක් තියෙනවා. ඒ වුණාට කියන්න බැහැ. එකපාරට රෝගීන් වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා ජනතාව නිවැරදි තත්ත්වය තේරුම් අරගෙන කටයුතු කරන්න ඕනෑ.

ඒ නිසා රෝගය සම්බන්ධයෙන් කිසිදු අනියත බියක් ඇති කරගන්න එපා කියලා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. කුඩා දරුවන් ගර්භණි මව්වරුන් මේ රෝගයට ගොදුරු වීමේ තත්ත්වයක් තියෙනවා. ශ්‍රී ලංකාව තුළ මේ රෝගය වළක්වා ගැනීමේ හැකියාවක් තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය සියලුම ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජනතාවගේ සහයෝගය ඉතාම අවශ්‍යයි. කොහොම වුණත් රට තුළ අවදානමක් තියෙනවා. ඒ ගැන අවධානයෙන් හිඳිමින් කටයුතු කරන්න.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:31
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30