spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජනක රත්නායක ධූරයෙන් ඉවත්කිරිමට අදාළව විවාදය අද පාර්ලිමේන්තුවේදී

මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක එම ධුරයෙන් ඉවත් කිරිමට අදාලව යෝජනාව අද (24) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනිමට නියමිතයි.

මෙම විවාදය අද ගන්නා අවස්ථාවේ එය ගැලරියේ සිට නැරඹීමට අවස්ථාව දෙන ලෙස තමා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් ඉල්ලීමක් කළ විට ගැලරිය වසා ඇති බව එතුමා දැනුම් දුන්නැයි මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක පැවසීය.

තමා මේ සඳහා පාර්ලිමේන්තු මහ ලේකම්වරයාගෙන්ද ලිඛිත ඉල්ලීමක් කළ බවත් පසුව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරිවරයාට කතා කළ විට එතුමා සම්ප්‍රදාය පිළිබඳව තමාව දැනුවත් කරමින් එවැනි විවාදයක් තිබෙන විට අදාළ තැනැත්තා කැඳවීම නොකරන බවත් විවාදයේදී ප්‍රකාශ වන ඇතැම් වදන් නිසා එය නැරඹීමට එන තමාගේ පවුලේ දරුවන්ද අපහසුතාවට පත්විය හැකි බව කරුණිකව පෙන්වා දුන්නාය. ඒ අනුව එය නැරඹීමේ අදහස අතහැර දැමූ බවද ජනක රත්නායක පැවසීය.

විදුලි බිල අධික ලෙස වැඩි කිරීමට ජනතාවගේ පැත්තෙන් සිතා යම් යම් තීරණ ගැනීමේ වරදට තමාට දඬුවම් කරන්න උත්සාහ කරන නමුත් හෘද සාක්ෂියට එකඟව තමාට එරෙහිව එන යෝජනාවට මන්ත්‍රීවරුන්ට එකඟ විය හැකි නම් එය කනගාටුදායක වන අතරම එය ඔවුනට ඡන්දය දුන් ඡන්දදායකයන්ටත් කරන අගතියක් බවද රත්නායක මහතා කීවේය.

අද දිනයේ ආණ්ඩු පක්ෂයේ සියලුම දෙනාගේ පැමිණීම අනිවාර්ය කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?