spot_imgspot_img
spot_img

චීන පර්යේෂණ නෞකාව කොළඹ වරායට

චීන පර්යේෂණ නෞකාවක් වන ‘ෂි යාන් 6’ කොළඹ වරායට පැමිණ තිබෙනවා.

විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ ඉන්ධන ලබා ගැනීම සඳහා කොළඹ වරායේ නැංගුරම් ලෑමට යාත්‍රාවට අවසර දී ඇති බවයි.

ඉන්දියාව විසින් මතු කරන ලද ආරක්‍ෂක ගැටළු නොතකා මෙම අවසරය ලබා දීම විශේෂත්වයක්.

ෂි යාන් 6 නෞකාව ලබන 28 වනදා දක්වා කොළඹ වරායේ නැංගුරම්ලා තැබෙනු ඇති.

කොළඹ වාරයේ නැංගුරම් ලෑමට ෂි යාන් 6 ප්‍රමාද වුවහොත් අනෙක් සෑම නෞකාවකට මෙන්ම එම නෞකාවට ද පැය 72ක සමා කාලයක් හිමි වන බවයි විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ.

ෂි යාන් 6 විද්‍යාත්මක පර්යේෂණ යාත්‍රාවක් ලෙස චීනය හඳුන්වන අතර පරීක්ෂණ පැවැත්වීම සඳහා 60 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයකින් සමන්විත වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?