චිලී රාජ්‍යයේ භූ කම්පනයක්

චිලී රාජ්‍යයේ Tarapaca ප්‍රදේශයට රික්ටර් මාපක 5.5 ක ප්‍රබල භූ කම්පනයක් සිදුවී තිබෙනවා.

යුරෝපීය මධ්‍යධරණී භූ කම්පන මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ භූමිකම්පාව පෘථිවි පෘෂ්ඨයට කිලෝමීටර් 155ක් (සැතපුම් 96.31) ගැඹුරින් සිදු වී ඇති බවයි.

චිලී රාජ්‍යයේ යේ Tarapaca සහ උතුරු ඇන්ටොෆගස්ටා ප්‍රදේශ මෙන්ම බොලිවියාවේ බටහිර සහ මධ්‍යම පොටෝසි ප්‍රදේශවලට සෙලවීමක් දැනෙන්නට ඇති බවටයි වාර්තා වන්නේ.

භූමිකම්පාව හේතුවෙන් සිදුවූ දේපළ හානි හෝ ජීවිත හානි පිළිබඳ වාර්තා වී නැහැ.

කෙසේවෙතත් බලධාරීන් පවසන්නේ මෙම කම්පනයෙන් සැලකිය යුතු හානියක් විය නොහැකි බවයි.

විශේෂයෙන්ම දුරස්ථ ප්‍රදේශවල, බලධාරීන්ට සම්පූර්ණ හානිය තක්සේරු කිරීමට පැය කිහිපයක් ගත විය හැකි අතර ඉදිරි දිනවලදී පසු කම්පන ඇති විය හැකි බවට ද අනතුරු අඟවා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?