spot_imgspot_img

චන්ද්‍රයාන් 03 සඳේ දක්ෂිණ ධ්‍රැවයේ සමීපතම ඡායාරූප පෘථිවියට එවයි

සඳ ගවේෂණට එක්ව සිටින ඉන්දීය චන්ද්‍රයාන් 03 යානයේ වික්‍රම් ලෑන්ඩරය සඳෙහි දක්ෂිණ ධ්‍රැවයේ සමීපතම ඡායාරූප පෘථිවිය වෙත එවා තිබෙනවා.

එලෙස එවන ලද ඡායාරූප ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය විසින් මාධ්‍යට නිකුත්කරනු ලැබුවා.

එම කළු සුදු ඡායාරූප මඟින් සඳ මතුපිට ඇති පාෂාණ සහ ආවාටවල සමීප දර්ශන පෙන්නුම් කරනවා.

පසුගිය මස 14 වනදා චන්ද්‍රයාන් 3 යානය සඳ ගමන ආරම්භ කළ අතර, ලබන 23 වනදා වනවිට එහි ලෑන්ඩරය සහ රෝවරය සඳෙහි දක්ෂිණ ධ්‍රැවයට ගොඩ බැසීමට නියමිතයි.

1976 වසරෙන් පසු රුසියාව ද සිය ප්‍රථම චන්ද්‍ර මෙහෙයුම – පසුගිය සතියේ දියත් කරන ලද අතර, ලූනා 5 නම් එම යානය ද සඳේ දක්ෂිණ ධ්‍රැවයට ගොඩබැසීමට සැලසුම් කර තිබෙනවා.

මීට පෙර අභ්‍යවකාශ ගවේෂණයන් සිදුකරණු ලබන ලොව කිසිඳු රටක් දක්ෂිණ ධ්‍රැවය වෙත යානයක් ගොස බස්සවා නොමැති අතර, එලෙස දක්ෂිණ ධ්‍රැවයට යානයක් ගොඩ බස්සවනු ලබන පළමු රට බවට ඉන්දියාව හෝ රුසියාව ඉතිහාස ගත වනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?