චන්ද්‍රයාන් 03 සඳේ දක්ෂිණ ධ්‍රැවයේ සමීපතම ඡායාරූප පෘථිවියට එවයි

සඳ ගවේෂණට එක්ව සිටින ඉන්දීය චන්ද්‍රයාන් 03 යානයේ වික්‍රම් ලෑන්ඩරය සඳෙහි දක්ෂිණ ධ්‍රැවයේ සමීපතම ඡායාරූප පෘථිවිය වෙත එවා තිබෙනවා.

එලෙස එවන ලද ඡායාරූප ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය විසින් මාධ්‍යට නිකුත්කරනු ලැබුවා.

එම කළු සුදු ඡායාරූප මඟින් සඳ මතුපිට ඇති පාෂාණ සහ ආවාටවල සමීප දර්ශන පෙන්නුම් කරනවා.

පසුගිය මස 14 වනදා චන්ද්‍රයාන් 3 යානය සඳ ගමන ආරම්භ කළ අතර, ලබන 23 වනදා වනවිට එහි ලෑන්ඩරය සහ රෝවරය සඳෙහි දක්ෂිණ ධ්‍රැවයට ගොඩ බැසීමට නියමිතයි.

1976 වසරෙන් පසු රුසියාව ද සිය ප්‍රථම චන්ද්‍ර මෙහෙයුම – පසුගිය සතියේ දියත් කරන ලද අතර, ලූනා 5 නම් එම යානය ද සඳේ දක්ෂිණ ධ්‍රැවයට ගොඩබැසීමට සැලසුම් කර තිබෙනවා.

මීට පෙර අභ්‍යවකාශ ගවේෂණයන් සිදුකරණු ලබන ලොව කිසිඳු රටක් දක්ෂිණ ධ්‍රැවය වෙත යානයක් ගොස බස්සවා නොමැති අතර, එලෙස දක්ෂිණ ධ්‍රැවයට යානයක් ගොඩ බස්සවනු ලබන පළමු රට බවට ඉන්දියාව හෝ රුසියාව ඉතිහාස ගත වනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔයාටත් මෙහෙම ව්‍යාජ පණිවිඩයක් ආවද ?බැංකු ගිණුම්වල මුදල් හිස් කරන මහා ජාවාරමක්
04:10
Video thumbnail
බිමල්, සජිත් මාරුවෙන් මාරුවට ආදරය ප්‍රකාශ කරගනී
03:26
Video thumbnail
සජිත් ප්‍රසිද්ධියේම ආණ්ඩුවට අභියෝගයක් කරයි
04:04
Video thumbnail
සීලරතන හිමි මහානායක හිමිවරු ගැන වීඩියෝවක් ලීක් කරයි ?ජවිපයේ මුන්ට වඩා කම්බ හොරු ඉන්නේ
07:58
Video thumbnail
සජිත්ගේ කතාව මැදට පැන්න ලක්මාලි හොඳටම අහගනී
12:41
Video thumbnail
තවත් රාජපක්ෂ කෙනෙක් අල්ලස් කොමිසමේ..
00:34
Video thumbnail
ලංගම බස් රථයක් බිහිසුණු අනතුරකින් 99න් බේරුණ අයුරු - ආරක්ෂිත කැමරාවේ සටහන් වෙයි
00:30
Video thumbnail
"මට තමයි කක්කුස්මාලි කියලා කියන්න බැරි"
00:16
Video thumbnail
ලිමිණිට මෙච්චර බයයි නම් නාමල්ට කොච්චර බයක් ඇත්ද..?
07:59
Video thumbnail
අධි බලැති විදුලි කණුවක් පාරට කඩා වැටිලා උණුසුම් තත්ත්වයක්
01:07