Empty Ad
AFC Banner
Empty Ad

ගොවියා කුඹුරුවලින් ඈත් කිරීමේ කුමන්ත්‍රණයක් – මේ මස අවසානයේ සිට යූරියා තවත් අඩුවට

යල කන්නයේ වී වගා කරන හයලක්ෂ පනස් දහසක් පමණ වන ගොවිජනතාවට වී වගාව සඳහා අවශ්‍යවන රසායනික පොහොර හෝ කාබනික පොහොර මිලදී ගැනීම සඳහා රජය විසින් මුදලක් වවුචරයක් ලබාදීම අද (22) දිනයේ නිල වශයෙන් ආරම්භ කෙරුණා.

ඒ, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන්.

මෙහිදී හෙක්ටයාර් එකකට රුපියල් 20,000ක් හා හෙක්ටයාර් දෙකකට රුපියල් 40,000ක් වශයෙන් ගොවීන්ට ලබා දීමට කටයුතු යොදා තිබෙනවා.

මෙම සහනාධාරය සඳහා රජය වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 10ක්.

මෙවර යල කන්නයේ වී වගාව සඳහා මෙම වවුචර්පත් ලබා දෙන අතර, ඒවා නිකුත් කිරීම ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලබනවා .

මෙහිදී ගොවීන් කැමැතිනම් රජයේ පොහොර සමාගම් දෙක සපයන රසායනික හෝ කාබනික පොහොර සියලුම ගොවිජන සේවා මධ්‍යස්ථාන වලින් ද, එමෙන්ම පුද්ගලික අංශය මගින් ද මිල දී ගැනීමේ හැකියාව පවතිනවා.

මේ අතර අමාත්‍ය මහින්ද අමරවීර මෙහිදී සඳහන් කළේ මෙවැන්නක්.

“යුරියා පොහොර මිල දැන් වෙළෙඳපොළේ ටිකක් ඉහළ ගිහින් තිබෙනවා. නමුත් අපි රජය වශයෙන් තවමත් දෙන්නේ යුරියා පොහොර මිටියක් රුපියල් 10,000ක් බැගිනුයි. මෙම මාසය අන්තිමට තවත් යුරියා පොහොර නැවක් එනවා. අපි ඒ නැව පැමිණි පසු යුරියා පොහොර මිල තවත් අඩු කරනවා. ඒ නිසා යුරියා මිල අඩු වෙනකම් බලා ගෙන ඉන්නේ නැතිව දැනට යුරියා පොහොර අවශ්‍ය ගොවීන් ඒවා යොදන ලෙස ඉල්ලා සිටිනවා.”

මේ අතර ගොවි ජනතාව කුඹුරුවලින් ඈත් කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව බුද්ධි අංශ තහවුරු කර ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
1
+1
1
+1
2
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
KASTHIRAMA | ජාතික ජන බලවේගයේ චන්ද්‍රමාලි පෙරේරා සහ සමගි ජන බලවේගයේ නිරෝෂා අතුකෝරාළ සහභාගීවන කස්තිරම
01:22:59
Video thumbnail
මාධ්‍යවේදීයෙකුට ජීවිත තර්ජනය කරපු ව්‍යාපාරිකයගේ සියලුම පැටිකිරිය මෙන්න - වැඩේට පොලීසියත් හවුල් ?
07:26
Video thumbnail
රටක තීරණ ගන්න තැන කාන්තාව සිටිය යුතුයි
00:23
Video thumbnail
ඉස්සර කාන්තා අයිතිවාසිකම් වලට පාරට බැස්සාම සැලකුවේ කඳුලු ගෑස් වලින්
05:58
Video thumbnail
කාන්තාවෝ අපරාධ කරන්න පෙළඹෙනවා හරි අඩුයි
09:22
Video thumbnail
තිස්ස සීයාට කියපු කතාව
00:07
Video thumbnail
මේක තවත් - සොමාලියාවක් - ඉතියෝපියාවක් කරන්න එපා - ආණ්ඩුව හාන්සි කරවපු සුපිරිම කතාව
06:09
Video thumbnail
නලින්ද ජයතිස්ස දේශබන්දුට අනතුරු අඟවයි - "කරුණාකරලා ඇවිල්ලා බාර වෙන්න"
01:17
Video thumbnail
මුස්ලිම් ප්‍රජාව අතර ආණ්ඩුව ෆේල් ?
02:15
Video thumbnail
රනිල් අල්ජසීරා එක්ක කරපු interview එකනම් මම දැක්කේ නෑ
02:10

?