ගොවියා කුඹුරුවලින් ඈත් කිරීමේ කුමන්ත්‍රණයක් – මේ මස අවසානයේ සිට යූරියා තවත් අඩුවට

යල කන්නයේ වී වගා කරන හයලක්ෂ පනස් දහසක් පමණ වන ගොවිජනතාවට වී වගාව සඳහා අවශ්‍යවන රසායනික පොහොර හෝ කාබනික පොහොර මිලදී ගැනීම සඳහා රජය විසින් මුදලක් වවුචරයක් ලබාදීම අද (22) දිනයේ නිල වශයෙන් ආරම්භ කෙරුණා.

ඒ, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන්.

මෙහිදී හෙක්ටයාර් එකකට රුපියල් 20,000ක් හා හෙක්ටයාර් දෙකකට රුපියල් 40,000ක් වශයෙන් ගොවීන්ට ලබා දීමට කටයුතු යොදා තිබෙනවා.

මෙම සහනාධාරය සඳහා රජය වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 10ක්.

මෙවර යල කන්නයේ වී වගාව සඳහා මෙම වවුචර්පත් ලබා දෙන අතර, ඒවා නිකුත් කිරීම ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලබනවා .

මෙහිදී ගොවීන් කැමැතිනම් රජයේ පොහොර සමාගම් දෙක සපයන රසායනික හෝ කාබනික පොහොර සියලුම ගොවිජන සේවා මධ්‍යස්ථාන වලින් ද, එමෙන්ම පුද්ගලික අංශය මගින් ද මිල දී ගැනීමේ හැකියාව පවතිනවා.

මේ අතර අමාත්‍ය මහින්ද අමරවීර මෙහිදී සඳහන් කළේ මෙවැන්නක්.

“යුරියා පොහොර මිල දැන් වෙළෙඳපොළේ ටිකක් ඉහළ ගිහින් තිබෙනවා. නමුත් අපි රජය වශයෙන් තවමත් දෙන්නේ යුරියා පොහොර මිටියක් රුපියල් 10,000ක් බැගිනුයි. මෙම මාසය අන්තිමට තවත් යුරියා පොහොර නැවක් එනවා. අපි ඒ නැව පැමිණි පසු යුරියා පොහොර මිල තවත් අඩු කරනවා. ඒ නිසා යුරියා මිල අඩු වෙනකම් බලා ගෙන ඉන්නේ නැතිව දැනට යුරියා පොහොර අවශ්‍ය ගොවීන් ඒවා යොදන ලෙස ඉල්ලා සිටිනවා.”

මේ අතර ගොවි ජනතාව කුඹුරුවලින් ඈත් කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව බුද්ධි අංශ තහවුරු කර ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

  1. MUGE …KUMANTHRANA. GOVIYAGE THEL POHORA BEHETH OKKOMA THAHANAM KALEYI API DHA, BEEJA GENWANA EKA NAWATHTHUWE API DHA, VEE MILADEE GANNAWA RS. BILLION 10K LABAENA KIYALA GOVIYA GONATA ANDHAWALA RAJAYE GABATA OKKOMA WAHALA DALA THIBUNE API DHA. GOVIYATA SADHARANA MILAK NODHEE DUDLY GAMLATH RATHNA WAGEYI PAHARA MANKOLLA KARAYING GEN PAHAWA ARAGENA GOVIYAWA UNGE SARAM ASSATA THALLU KALEYI API DHA. UNWA PARATA BASSALA PELAPALI YANA THANATA WEDA KALEYI API DHA. GON GOTA KALA JADA WEDA NISA MULU RATAMA WINAHA KALA. EKA KALEYI API DHA GOVIYA DHA. DAN KIYANAWA KUMANTHRANAYAK YANAALU. SARAMA USSALA DEKATA NAMILA BALAHAN KUMANTHRANAYA EHETA MEHETA WANI WANEE ELLI ELLI THIYEYI. MUN MAHA JADA BALLO