ගොඩනැගිලි ද්‍රව්‍යවල මිල අඩු කිරීම ගැන තීරණයක්

රුපියලේ අගය 20%කින් පමණ අධිප්‍රමාණය වී ඇති පසුබිම තුළ ගොඩනැගිලි ද්‍රව්‍ය මිල පහළ ගොස් ඇති ආකාරය සොයා බැලීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද (30) මුදල් අමාත්යාංිශයේ දී පැවැත්විණි. මෙහි දී විශේෂයෙන් ම ඉදිකිරීම් ක්ෂේත්‍රය යළි බලගැන්වීම සඳහා වන යෝජනා රැසක් සම්බන්ධයෙන් සාකච්ඡා කෙරිණි.

ලෝක වෙළෙඳපොළේ සිමෙන්ති, යකඩ සහ ඇලුමිනියම් ඇතුළු භාණ්ඩ රැසක මිල පහත බැස ඇති බවත්, ඊට ඩොලරය අවප්‍රමාණය වීමේ වාසිය මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රය බලගැන්වීම සඳහා යොදා ගත යුතු බව අමාත්‍යවරයා මෙහි දී කියා සිටියේ ය. විවෘත ආර්ථිකය යටතේ මිල අඩුවීමේ ඉබේ සිදු වීමට ඉඩ නොතබා අවශ්‍ය මැදිහත්වීම් සිදු කළ යුතු බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

මිල වැඩිවීමේ වේගයට සාපේක්ෂව මිල අඩුවීම සිදු වන්නේ ඉතා මන්දගාමී ආකාරයෙන් බව සඳහන් කළ සියඹලාපිටිය මහතා කියා සිටියේ ඒ සඳහා අවශ්ය සහය ලබා දීමට රජය සූදානම් බවයි. රජය මගින් විවිධ කොන්ත්රා ත්කරුවන් සඳහා ගෙවා දැමීමට තිබුණ රුපියල් බිලියන 360ක බිල්පත් ගෙවා දැමමින් සිටින බව පෙන්වා දුන් සියඹලාපිටිය අමාත්යඳවරයා කියා තවත් ගෙවීමට ඇත්තේ රුපියල් බිලියන 135ක බිල්පත් පමණක් බව ද කියා සිටියේ ය.

ඉදිරි කාලය තුළ ගොඩනැගිලි ද්‍රව්‍ය මිල පහත යන ආකාරය නිරීක්ෂය කරමින් මසකින් රැස්වී අදාළ මිල ගණන් පහත දමන ප්‍රතිශතය නිශ්චිත දැනුම් දීමට කටයුතු කරන බව අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ ය. වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව, කර්මාන්ත අමාත්‍යාංශය, පාරිභෝගික සේවා අධිකාරිය වැනි ආයතන නියෝජනය කරමින් මෙම අවස්ථාවට නියෝජිතයෝ සහභාගී වූහ.

පසුගිය දා අමාත්‍යරයා දේශීය සපත්තු සහ බෑග් නිෂ්පාදකයන් සමග පැවැති මෙවැනි සාකච්ඡාවකින් අනතුරුව පාසල් බෑග් සහ සපත්තු මිල ගණන් පහත හෙලීමට ද තීරණය කෙරිණි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
අගමැතිතුමිය ඉස්සරහා නිලධාරීන්ට කට උත්තර නැතිවෙයි
04:14
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40