ගෙදරට පැන්න හොරු බැඳ පූජකයා ඝාතනය කර ස්වර්ණාභරණ කොල්ල කාලා

මුලතිව් සිලාවත්තෙයි ප්‍රදේශයේ හින්දු කෝවිල් පූජකවරයෙකුගේ නිවසකට ඇතුල් වූ කොල්ලකරුවන් පිරිසකගේ පහරදීමකින් එම පූජකවරයා මිය ගොස් තිබෙනවා.

නිවසට ඇතුල් වූ කොල්ලකරුවන් විසින් පූජකවරයාගේ නිවසේ තිබූ රන් පවුම් 15 කට ආසන් ස්වර්ණාභරණ සහ රුපියල් ලක්ෂයක පමණ මුදලක් කොල්ල කා පලාගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරුවන් පූජකවරයාගේ නිවසේ ජනේලයක් ගලවා ඇතුල් වී ඇති බවට මූලික පොලිස් පරික්ෂණවලින් හෙළිවී තිබෙනවා.

නිවසට ඇතුල් වූ කොල්ලකරුවන් සමග පොර බැදීමේදී පූජකවරයාගේ හිසට ආයුධයකින් පහරදීමෙන් පසුව ඇදවැටී ඇති අතර පසුව බිරිඳ සහ තවත් ඥාතියෙකු ලණුවලින් ගැටගසා මුහුණු ආවරණය කර පහරදී ඇති බවටයි පැමිණිලි ලැබී ඇත්තේ.

කොල්ලකරුවන් විසින් නිවසින් පලාගිය පසුව පූජකවරයාගේ බිරිඳ සහ ඥාතියා ගැටගසා තිබූ බැමි බුරුල් කර ගනිමින් අසල්වාසීන්ට දැනුම්දීමෙන් පසුව මුලතිව් පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

පොලිසිය අදාල ස්ථානයට පැමිණෙන විටත් පහරකෑමෙන් බරපතල තත්වයේ සිටි පූජකවරයා මිය ගොස් සිට ඇති අතර සිද්ධිය වූ ස්ථානයේ මහෙස්ත්‍රාත් පරික්ෂණය සිදු කරනු ලැබුවා.

පහරකෑමෙන් මිය ගොස් ඇත්තේ සිලාවත්ත ප්‍රදේශයේ පදිංචි 69 හැවිරිදි අප්පාදුරෙයි වේලායුදම් නැමති පූජකවරයෙක්.

කොල්ලකෑම සිදුකරන ලද පුද්ගලයින් කව්රුන්ද යන්න මෙතෙක් හඳුනාගෙන නොමැති අතර මුලතිව් පොලිසිය වැඩිදුර පරක්ෂණ සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38