ගුවන් සේවා නිලධාරිනියගේ ඝාතකයා රටින් පනින්න යද්දී අල්ලයි (වීඩියෝ)

ගුවන් සේවා නිලධාරිනිය ඝාතනය කළ සැකකරු විදෙස්ගත වීමට උත්සාහ කිරීමේදී ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සේවයේ නිරත 42 හැවිරිදි දුලාංජලී අනුරුද්ධිකා මහත්මිය ඝාතනය කළ මෙම පුද්ගලයා ඊයේ දින රාත්‍රී මැලේසියාව බලා පළා යාම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියදීයි මෙලෙස අත්අඩංගුවට පත්වී ඇත්තේ.

47 හැවිරිදි මෙම පුද්ගලයා පානදුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සකකරු ඊයේ රාත්‍රී 10.35ට පමණ මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර බලා පිටත්ව යාමට නියමිත ගුවන් යානය සඳහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියදී අත් අඩංගුවට ගනු ලැබුවා.

ඝාතනයට ලක්වූ දුලාංජලී අනුරුද්ධිකා මහත්මිය ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ මූල්‍ය අංශයේ සේවයේ නිරතව සිටි අයෙක්.

වෛද්‍යවරයකු සමග විවාහවී සිටින ඇය එක් දරු මවක් වන අතර සිය සේවය නිමවා සිය නිවෙස වෙත යාම සඳහා කහතුඩුව අධිවේගී පිවිසුම වෙත පැමිණ සිටියදී මෙලෙස ඝාතනයට ලක්ව තිබුණා.

ඇය මඩපාත ප්‍රදේශයේ පදිංචිකාරියක්. අනියම් සබඳතාවයක් හේතුවෙන් මෙම ඝාතනය සිදුවන්නට ඇති බවටයි පොලිසිය සැක කරන්නේ.

සැකකරු වසර කිහිපයක් විදෙස් ගතව සිට පැමිණි අයෙක් බව ද අනාවරණ වී තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
2
+1
3
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මියගිය දෙමාපියන්ට පින් පතාමහා අනුරාධපුරයේ මහා සංඝගත දක්ෂිණාවක්..තාවකාලික අටමස්ථානාධිපතිත් වැඩම කරයි
02:04
Video thumbnail
වෙසක් අත්දැකීම ඩිජිටල් ඇසින් - කොළඹ නෙළුම් කුළුණේදී ඇරඹෙයි..නි.ඇමති එරංග වීරරත්නත් එයි
02:56
Video thumbnail
මෙච්චර කාලෙකට දැක්ක සුන්දරම දන්සල..බලන්නකෝ ඒ වෙනස්ම අදහස
01:15
Video thumbnail
බොරැල්ලේ තොරණ් රාජයා අගමැති හරිනිගේ සුරතින් විවෘත කළ අයුරු..තොරණ බලන්න විශාල සෙනඟක් ඇවිත්
03:00
Video thumbnail
විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් එකතුවෙලා දුන්න දන්සල..හකුරු සමඟ බෙලිමල්
01:42
Video thumbnail
දිලිත්ගේ රොටී දන්සලට ඉරාජ් එයි"රොටියක් කාලා යන්න ආවා.."නයයි රොටියයි අතාරින්නෙම නෑනේ..
03:45
Video thumbnail
"ආහාරය සෞඛ්‍යාරක්ෂිත නැත්තම් දන්සල එම මොහොතෙම නවත්තනවා"දන්සල් PHI නිලධාරින් පරීක්ෂා කරයි
04:40
Video thumbnail
බැටරි බලශක්ති ගබඩා පද්ධති 6ක් කොළඹ වරායට ගෙනා අයුරු
01:39
Video thumbnail
බැටරි බලශක්ති ගබඩා පද්ධති 6ක් කොළඹ වරායට ගෙනා අයුරු..දවල්ට ගබඩා කරගෙන රෑට බෙදනවා
02:10
Video thumbnail
විද්‍යාර්ථ - මලියදේව අතර ගැටුම ගැන සියලු තොරතුරු එළියට.."වරින් වර නොමනා හැසිරීම් අපි දැක්කා"
10:34