ගුවන් විදුලි සංස්ථාවෙන් අතුරුදහන් වූ”පියානෝ “

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ තිබූ මිල අධික පෞරාණීක වටිනාකමකින් යුත් පියානෝ තුනක් අස්ථානගතවීම සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී. රාගල මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ මහතා ඉකුත් 2021 වර්ෂයේ ජුලි මස 01 වැනිදා කළ පැමිණීල්ලකට අදාළව එහි තිබූ මිල අධික පියානෝ තුනක් අස්ථාන ගතවීම සම්බන්ධයෙන් පොදු දේපල පනත ප්‍රකාරව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කළ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකක 2 හි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජානක මාරසිංහ මහතා විසින් මෙම පැමිණීල්ල අධිකරණයට ඉදිරිපත් කර තිබිණී.
මෙය, 1982 අංක 12 දරණ පොදු දේපල පනත ප්‍රකාරව සිදුකර ඇති වරදක් බැවින් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බවත්, මෙහි සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තෙල් මිල දැක්ක මිනිස්සුන්ට උදෙන්ම රතු කට්ට පනී
03:46
Video thumbnail
අනතුරකට ලක් වූ යුවළකට පිහිටක් වූ පාඨලී
03:15
Video thumbnail
වැල්ලවාය පොලිසියෙන් අයිස්ක්‍රීම් දන්සලක්
00:56
Video thumbnail
මාතර විශාලතම තොරණ හිත්තැටියේ රජ මහා විහාරස්ථානයේ
01:54
Video thumbnail
තෙල් මිල වැඩිවීම නිසා ධීවරයින් තවත් අමාරුවේ වැටෙයි
03:55
Video thumbnail
මියගිය දෙමාපියන්ට පින් පතාමහා අනුරාධපුරයේ මහා සංඝගත දක්ෂිණාවක්..තාවකාලික අටමස්ථානාධිපතිත් වැඩම කරයි
02:04
Video thumbnail
වෙසක් අත්දැකීම ඩිජිටල් ඇසින් - කොළඹ නෙළුම් කුළුණේදී ඇරඹෙයි..නි.ඇමති එරංග වීරරත්නත් එයි
02:56
Video thumbnail
මෙච්චර කාලෙකට දැක්ක සුන්දරම දන්සල..බලන්නකෝ ඒ වෙනස්ම අදහස
01:15
Video thumbnail
බොරැල්ලේ තොරණ් රාජයා අගමැති හරිනිගේ සුරතින් විවෘත කළ අයුරු..තොරණ බලන්න විශාල සෙනඟක් ඇවිත්
03:00
Video thumbnail
විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් එකතුවෙලා දුන්න දන්සල..හකුරු සමඟ බෙලිමල්
01:42