UPDATE:ගුවන් අනතුරින් මියගිය ගණන අවම වශයෙන් 120 ඉක්මවිය හැකියි – මෝදිගෙන් සංවේගී සටහනකුත්

ගුජරාට් හි අහමදාබාද් ගුවන්තොටුපොළ ආසන්නයට කඩා වැටුණු යානාවේ සිටි මගීන් 120 දෙනෙකු පමණ අවම වශයෙන් පිළිස්සුම් තුවාල ලබා ජීවිතක්ෂයට පත් ව තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

‘ද හින්දුස්තාන් ටයිම්ස්’ පුවත් සේවය සිදු කරන සජීවී යාවත්කාලීන කිරීම් හි දැක්වෙන්නේ මගීන් 242 දෙදෙනකු රැගෙන ලන්ඩනය බලා පියාසැරිය ඇරඹූ මෙම ගුවන් යානයේ මියගිය පිරිස තවත් ඉහළ යා හැකි බවට පුරෝකථනය කර ඇති බවයි.

ගුජරාටයේ සර්දාර් වල්ලභභායි පටෙල් ගුවන්තොටුපළෙන් ගුවන්ගත වී මිනිත්තු පහකට පසු මෙම ගුවන් යානය කඩා වැටීමට ලක් වුණා.

ගුවන් යානය කඩා වැටීමත් සමග විශාල ගිනිජාලාවක් සමගින් එම ප්‍රදේශයේම ඝන කළු දුමාරයක් නිකුත් වෙමින් තිබෙන බව ද වාර්තා වනවා.

මෙම ඛේදනීය ගුවන් අනතුර ගැන ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විශේෂ X පණිවිඩයක් නිකුත් කරමින් සිය සංවේගය පළ කර තිබෙනවා.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සඳහන් කරන්නේ, සිවිල් ගුවන් සේවා අමාත්‍ය රාම් මෝහන් නායිදු තත්ත්වය තක්සේරු කිරීම සඳහා අහමදාබාද් වෙත යැවීමට කටයුතු කර ඇති බවයි.

මෙම ගුවන් අනතුර ගැන ඇසූ විගස තමන් දැඩි සේ කම්පාවට පත් වූ බව ද මෝදි අග්‍රාමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ මෙසේයි;

අහමදාබාද්හි ඛේදවාචකය අපව මවිතයට පත් කර ශෝකයට පත් කර ඇත. එය වචනවලින් කිව නොහැකි තරම් හද කම්පා කරවන සුළුය. මෙම දුක්ඛිත පැයේ දී, මගේ සිතුවිලි එයින් පීඩාවට පත් වූ සියලු දෙනා සමඟ ය. විපතට පත් වූවන්ට උපකාර කිරීමට කටයුතු කරන අමාත්‍යවරුන් සහ බලධාරීන් සමඟ අඛණ්ඩව මම සම්බන්ධ වී සිටිමි,” යනුවෙනි.

මූලාශ්‍ර – www.hindustantimes.com/ NDTV



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ව ඉස්සෙල්ලම ඇතුළට ගත්තේ යහපාලනයෙන් - පරික්ෂණ කිරීම ගැන අපේ විරෝධතාවක් නෑ
03:14
Video thumbnail
"ජනාධිපතිතුමාට ජනතාවගේ ඇති සැබෑ ආදරය මෙයයි"
00:23
Video thumbnail
නාමල් ගැන අහද්දි රංජිත් දුන්න පිළිතුර - හොරු අල්ලන්න - විපක්ෂය මර්දනය කරන්න දෙන්නේ නෑ
01:58
Video thumbnail
මොරටුව සලිත කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට
00:30
Video thumbnail
අම්පිටියේ සුමනරතන හිමි තර්ජනය කළ වීඩියෝව එළියට
01:21
Video thumbnail
නිවස බලාගන්න පැමිණි 61ක හැවිරිදි පුද්ගලයා නිවස තුළම එළොව යවලා
01:09
Video thumbnail
මොරටුව රත්කළ වෙ#ල්ලේ නවතම දර්ශන
01:12
Video thumbnail
පාසල් නිල ඇඳුමෙන් ළමයි කරපු කැත වැඩේ
01:09
Video thumbnail
සීගිරී මහා විහාරයේ පොඩි හාමුදුරුවෝ සෆාරි රියදුරෝ එක්ක කැලේ ඇතුලේ කරපු දේ
03:46
Video thumbnail
මාලිමාවේ මැති ඇමතිලා දැන් ඇ#ගෙන - ජනපති වටේ යන්න ආයේ උස්සන්න
02:54