ගිය වසරට සාපේක්ෂව විදෙස් ප්‍රේෂණ ලැබීම් 19.30% කින් ඉහළට

විදෙස් රටවල් වල සේවය කරන ශ්‍රී ලාංකිකයින් විසින් 2025 වසරේ ගෙවී ගිය මාස 08 ක කාලය තුළ පමණක් ඩොලර් බිලියන 05.11 ක ප්‍රේෂණ මෙරටට ඒවා ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශය සදහන් කරනවා.

එමෙන්ම මෙම මාස 08 ක කාලය තුළ විදෙස් රැකියාවන් සදහා ශ්‍රී ලාංකිකයින් 2,12,302 දෙනෙක් රැකියාවන් සදහා විදෙස් ගතවී ඇති බවයි වාර්තාවන්නේ.

ඒ අතරින් 82,050 දෙනෙක් කාන්තාවන් වීම විශේෂත්වයක්.

රැකියාවන් සදහා ශ්‍රී ලාංකිකයින් වැඩි දෙනෙකු පිටත්ව ගොස් ඇත්තේ කුවේට් රාජ්‍යයට වන අතර පුද්ගලයන් 53,159 දෙනෙක් කුවේට් රාජ්‍යය වෙතට පිටත්ව ගොස් තිබෙනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයට 49,180 දෙනෙක්, කටාර් රාජ්‍ය සදහා 30,263 දෙනෙක්, ජපානයට ශ්‍රමිකයින් 8,015 දෙනෙක් සහ දකුණු කොරියාව සදහා 4,324 දෙනෙක්ද පිටත්ව ගොස් ඇති බවයි විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසන්නේ.

ඒ අනුව විදේශ ගත මෙරට ශ්‍රමිකයින් විසින් 2025 වසරේ ගෙවී ගිය මාස 08ක කාලය තුළ ඩොලර් බිලියන 5.11ක ප්‍රේෂණ මෙරටට එවා ඇති අතර 2024 වසරේ පළමු මාස 08 සහ 2025 වසරේ එම කාලය සසඳා බලන විට මෙරටට විදෙස් ප්‍රේෂණ ලැබීම් 19.30% කින් ඉහළ තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?