ගිය වසරට සාපේක්ෂව විදෙස් ප්‍රේෂණ ලැබීම් 19.30% කින් ඉහළට

විදෙස් රටවල් වල සේවය කරන ශ්‍රී ලාංකිකයින් විසින් 2025 වසරේ ගෙවී ගිය මාස 08 ක කාලය තුළ පමණක් ඩොලර් බිලියන 05.11 ක ප්‍රේෂණ මෙරටට ඒවා ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශය සදහන් කරනවා.

එමෙන්ම මෙම මාස 08 ක කාලය තුළ විදෙස් රැකියාවන් සදහා ශ්‍රී ලාංකිකයින් 2,12,302 දෙනෙක් රැකියාවන් සදහා විදෙස් ගතවී ඇති බවයි වාර්තාවන්නේ.

ඒ අතරින් 82,050 දෙනෙක් කාන්තාවන් වීම විශේෂත්වයක්.

රැකියාවන් සදහා ශ්‍රී ලාංකිකයින් වැඩි දෙනෙකු පිටත්ව ගොස් ඇත්තේ කුවේට් රාජ්‍යයට වන අතර පුද්ගලයන් 53,159 දෙනෙක් කුවේට් රාජ්‍යය වෙතට පිටත්ව ගොස් තිබෙනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයට 49,180 දෙනෙක්, කටාර් රාජ්‍ය සදහා 30,263 දෙනෙක්, ජපානයට ශ්‍රමිකයින් 8,015 දෙනෙක් සහ දකුණු කොරියාව සදහා 4,324 දෙනෙක්ද පිටත්ව ගොස් ඇති බවයි විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසන්නේ.

ඒ අනුව විදේශ ගත මෙරට ශ්‍රමිකයින් විසින් 2025 වසරේ ගෙවී ගිය මාස 08ක කාලය තුළ ඩොලර් බිලියන 5.11ක ප්‍රේෂණ මෙරටට එවා ඇති අතර 2024 වසරේ පළමු මාස 08 සහ 2025 වසරේ එම කාලය සසඳා බලන විට මෙරටට විදෙස් ප්‍රේෂණ ලැබීම් 19.30% කින් ඉහළ තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දළඳා වහන්සේ තැන්පත් කිරීමට ලැබුණ ස්වර්ණමය කරඬුව ගැන විශේෂ ප්‍රකාශයක්
01:36
Video thumbnail
අර්චුනා ආණ්ඩුවට දැම්ම සැර හින්ට් එක ? අඩිය ගහන්නෙත් නෑ අපි එක්ක බොන්න එන්නෙත් නෑ
00:42
Video thumbnail
සජබය හොයාගෙන ආ ප්‍රබලයින් - 22කට එරෙහිව ලොකු වැඩක් කරන්න යන්නේ
01:05
Video thumbnail
අපි 23 වෙනිදා කොළඹට ලක්ෂයක් ගේනවා..මෛත්‍රී ගුණරත්න කියයි
02:33
Video thumbnail
ලංකාවේ රජ කළ පාතාලය වෙන රටවලට දිව්වේ අපේ ආණ්ඩු කාලයේ - හැම රජයක්ම පාතාල කල්ලි කුදලන් ආවා
02:58
Video thumbnail
ජනාධිපති රට වටේ ගිහින් පරණ බොරු පම්පෝරි නැවත කියනවා - රටට ආදරය කරන ජනතාව හෙට එන්න
04:47
Video thumbnail
2016 බොරතෙල් ආනයනයේදී දැවැන්ත දූ#ණයක් වෙලා..දයාසිරි කට අරියි
05:44
Video thumbnail
බැංකු සේවකයෙකුගේ යතුරුපැදියක් උස්සපු ඩබල
00:45
Video thumbnail
හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ FCIDයෙන් එළියට
00:48
Video thumbnail
මනුෂ්‍ය ඝා#තනයක් කළ පුද්ගලයෙක්ට වසර 11කට පසු ම#ණ දඬුවම
00:53