ගෑස් පෝලිම් අවසන්

මෙම මස (ජූලි) තුළ ගෑස් මෙට්‍රික්ටොන් 33,000 ක් ගෑස් සිලින්ඩර ලෙස බෙදාහැරීමෙන් ගෑස් පෝලිම් අවසන් කර ඇති බව ලිට්‍රෝ සමාගම පවසනවා.

දිනකට සිලින්ඩර ලක්‍ෂයකට ආසන්න සංඛ්‍යාවක් බෙදාහරිමින් සිටින බවත් ලිට්‍රෝ ගෑස් සමාගමේ මාධ්‍ය ප්‍රකාශක වී. කේතේෂ්වරම් මහතා අද (29) පස්වරුවේ පැවසීය.

ලිට්‍රෝ සමාගම සියලුම ගෑස් අළෙවි නියෝජිතයන්ට ගෑස් නිකුත් කරන බවත් කොළඹ නගර තුළ කිසිඳු ගෑස් ගැටලුවක් මේ වන විට නොමැති බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

ගෑස් ප්‍රශ්නය හේතුවෙන් වසා දමා තිබූ කර්මාන්ත සහ ආපනශාලා වැඩි ප්‍රමාණයක් මේ වන විට නැවත විවෘත කර ඇති බව කී කේතේෂ්වරම් මහතා ගෑස් සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යෑමට බලාපොරොත්තු වන බව ද සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
65
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !