ගැරී දමා ගිය තැන ගිලෙස්පිට

ගැරී කර්ස්ටන් පාකිස්ථාන එක්දින සහ විස්සයි විස්ස ක්‍රිකට් පුහුණුකරු ධුරයෙන් ඉවත්වීමෙන් පසු එම තනතුර සඳහා ඕස්ට්‍රේලියානු ජාතික ජේසන් ගිලෙස්පි පත් කිරීමට කටයුතු කර තිබෙනවා.

ජේසන් ගිලෙස්පි මේ වනවිටත් පාකිස්ථාන ටෙස්ට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරනවා.

ගිලෙස්පිගේ පත්වීම තාවකාලික පදනමක් මත සිදුවන අතර, සුදු පන්දු ක්‍රිකට් සඳහා නව පූර්ණ කාලීන ප්‍රධාන පුහුණුකරුවෙකු ප්‍රකාශයට පත් කර තෙක් ඔහු තාවකාලික පුහුණුකරු ලෙස පත්කර ඇති බවයි පාකිස්ථාන ක්‍රිකට් ආයතනය සඳහන් කළේ.

ඒ අනුව ඕස්ට්‍රේලියාවට සහ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ඉදිරියේදී පැවැත්වීමට නියමිත තරගාවලි තුළ ජේසන් ගිලෙස්පි එම තනතුරේ කටයුතු කරනු ඇති.

පාකිස්ථාන ක්‍රිකට් ආයතනය සමඟ ඇති වූ මත ගැටුම් උග්‍ර වීමෙන් පසුව ගැරී කර්ස්ටන් එම තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණ කර තිබුණා.

මේ අතර පකිස්ථාන සීමිත පන්දුවාර කණ්ඩායම්වල නව නායකයා ලෙස කඩුලු රකින පිතිකරු මොහොමඩ් රිස්වාන් පත් කිරීමට එරට ක්‍රිකට් ආයතනය ඊයේ කටයුතු කර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' |
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58