ගාල්ලේ දී දඟ දැමූ කුහ්නමන්ට ඉදිරි සතිය තීරණාත්මකයි

පසුගියදා නිමාවට පත් වූ සංචාරක ඔස්ට්‍රෙලියානු ටෙස්ට් කණ්ඩායමට එරෙහිව පැවති ටෙස්ට් තරගාවලියේ දී දඟ පන්දුවෙන් දස්කම් පෑ ඔස්ට්‍රෙලියානු පන්දු යවන්නෙකු වන මැතිව් කුහ්නමන්ගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බැවින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් ඔහුව පරීක්ෂණයකට භාජනය කරනු ලැබුවා.

ඒ ඊයේ (19) දිනයේ දී ඔස්ට්‍රෙලියාවේ බ්‍රිස්බේන් හි දියි.

මෙම පරීක්ෂණයේ ප්‍රතිඵල ලබන සති අන්තය වන විට නිකුත් වීමට නියමිත ව තිබෙනවා.

වමත් දඟ පන්දු යවන්නා සිය ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින අතර කුමන හෝ අවස්ථාවක එම ප්‍රතිඵලය අයහපත් වුවහොත් ඔහුට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ තරගවල පන්දු යැවීම තහනම් වනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.

බ්‍රිස්බේන් හි ජාතික ක්‍රිකට් මධ්‍යස්ථානයේ දී මෙම පරීක්ෂණයට කුහ්නමන් භාජනය වූ අතර ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් සියලු ම ප්‍රකාශ ICC විසින් නිකුත් කරනු ලැබීමට නියමිතයි.

බ්‍රිස්බේන් හි පැයකට වැඩි කාලයක් පැවති සැසියක දී 28 හැවිරිදි කුහ්නමන්ගෙන් ඔහු ගාල්ලේ දී සිය පන්දුව යවන ලද වේගයෙන් ම පන්දු යවන ලෙසට පරීක්ෂණයේ දී දැනුම්දී තිබෙනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) විශේෂඥයින් කුහ්නමන්ගේ ශරීරයේ සලකුණු පැළඳ සිටි අතර අධිවේගී කැමරා කිහිපයකින් සහ ත්‍රිමාණ චලන විශ්ලේෂණ පද්ධතියකින් ඔහුව වටකර සිටියා.

කුහ්නමන්ගේ පන්දු යැවීමේ ඉරියව්ව ඔහුගේ වැලමිට අංශක 15කට වඩා දිගු කර ඇති බව අනාවරණය වුවහොත්, ඔහුට පන්දු යැවීම තහනම් කරන බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මියගිය දෙමාපියන්ට පින් පතාමහා අනුරාධපුරයේ මහා සංඝගත දක්ෂිණාවක්..තාවකාලික අටමස්ථානාධිපතිත් වැඩම කරයි
02:04
Video thumbnail
වෙසක් අත්දැකීම ඩිජිටල් ඇසින් - කොළඹ නෙළුම් කුළුණේදී ඇරඹෙයි..නි.ඇමති එරංග වීරරත්නත් එයි
02:56
Video thumbnail
මෙච්චර කාලෙකට දැක්ක සුන්දරම දන්සල..බලන්නකෝ ඒ වෙනස්ම අදහස
01:15
Video thumbnail
බොරැල්ලේ තොරණ් රාජයා අගමැති හරිනිගේ සුරතින් විවෘත කළ අයුරු..තොරණ බලන්න විශාල සෙනඟක් ඇවිත්
03:00
Video thumbnail
විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් එකතුවෙලා දුන්න දන්සල..හකුරු සමඟ බෙලිමල්
01:42
Video thumbnail
දිලිත්ගේ රොටී දන්සලට ඉරාජ් එයි"රොටියක් කාලා යන්න ආවා.."නයයි රොටියයි අතාරින්නෙම නෑනේ..
03:45
Video thumbnail
"ආහාරය සෞඛ්‍යාරක්ෂිත නැත්තම් දන්සල එම මොහොතෙම නවත්තනවා"දන්සල් PHI නිලධාරින් පරීක්ෂා කරයි
04:40
Video thumbnail
බැටරි බලශක්ති ගබඩා පද්ධති 6ක් කොළඹ වරායට ගෙනා අයුරු
01:39
Video thumbnail
බැටරි බලශක්ති ගබඩා පද්ධති 6ක් කොළඹ වරායට ගෙනා අයුරු..දවල්ට ගබඩා කරගෙන රෑට බෙදනවා
02:10
Video thumbnail
විද්‍යාර්ථ - මලියදේව අතර ගැටුම ගැන සියලු තොරතුරු එළියට.."වරින් වර නොමනා හැසිරීම් අපි දැක්කා"
10:34