spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ග්‍රේට් වෙස්ටර්න් කඳු මුදුනෙන් හමු වූ අභිරහස් මළ සිරුර

තලවකැලේ ග්‍රේට් වෙස්ටර්න් කඳු මුදුණේ තිබී හඳුනා නොගත් කාන්තා මළ සිරුරක් (01) දි හමු වි තිබෙනවා.

ග්‍රේට් වෙස්ටර්න් කඳු මුදුණේ කඳුවුරු බැඳීමට ගිය පිරිසක් විසින් කඳු මුදුණේ කාන්තා මළ සිරුරක් ඇති බවට තලවකැලේ පොලිසිය වෙත (01) දින කල දැනුම් දිමක් මත සිරුර සම්බන්ධයෙන් විමර්ෂණයක් සිදු කිරිමට තලවකැලේ පොලිසියේ නිලධාරින් පිරිසක් කඳුමුදුන ට ගොස් තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ මියගොස් සිටි හඳුනා නොගත් කාන්තාවගේ මළ සිරුර සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ විමර්ෂණ ආරම්භ කර ඇති බවයි.

ග්‍රේට් වෙස්ටර්න් කදු මුදුණේ කඳවුරු බැඳීමට ඊයේ (01) පැමිණි තරුණ පිරිසක් කාන්තා මළ සිරුරක් තිබෙන බවට තලවකැලේ පොලිසියට කරන ලද දැනුම් දිමක් මතයි පොලිසිය විසින් පස්වරුවේ කඳු මුදුණට ගොස් විමර්ෂණයක් ආරම්භ කර ඇත්තේ.

ජිවිතක්ෂයට පත් කාන්තාව කිසියම් පිරිසක් සමග කඳු වැටිය තරණය කර ඇති බවත්, එහිදී එම කාන්තාව මිය යාමෙන් පසු සිරුර කඳු මුදුනේ තබා එම පිරිස පළා යන්නට ඇති බවට පොලිසිය සැක කරනවා.

කඳු මුදුනේ එක් පසෙක ප්‍රපාතය ආසන්නයේ මළ සිරුර හමුවී ඇති අතර මහේස්ත්‍රාත්වරයාගේ පරීක්ෂාවෙන් පසු සිරුර නුවරඑලිය මහ රෝහලට යොමු කෙරෙනු ඇති.

ග්‍රේට් වෙස්ටර්න් කඳු වැටිය වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුවට අයත් රක්ෂිතයක් වන අතර උඩරට දුම්රිය මාර්ගයේ ග්‍රේට් වෙස්ටර්න් දුම්රිය ස්ථානය දක්වා පැමිණෙන ඇතැම් තරුණ පිරිස් රක්ෂිතය හරහා ගොස් කඳු වැටියේ කඳවුරු බඳින අතර ඔවුන් කිසිදු අවසරයකින් තොරව රක්ෂිතය තුළට ඇතුළු වී කඳු මුදුනේ ද කඳවුරු බඳින බවයි නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයා පෙන්වා දෙන්නේ.

ග්‍රේට් වෙස්ටර්න් කඳු වැටියේ කඳවුරු බැඳීමට පැමිණෙන පිරිස් සඳහා රක්ෂිතය තුළට ඇතුල් විමට නිසි ක්‍රමවේදයක් සකස් කිරීමට වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුව සහ වනජීවී නිලධාරීන් සමග සාකච්ඡා කරන බව දිස්ත්‍රික් ලේකම්වරයා ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?