ග්‍රේට් වෙස්ටර්න් කඳු මුදුනෙන් හමු වූ අභිරහස් මළ සිරුර

තලවකැලේ ග්‍රේට් වෙස්ටර්න් කඳු මුදුණේ තිබී හඳුනා නොගත් කාන්තා මළ සිරුරක් (01) දි හමු වි තිබෙනවා.

ග්‍රේට් වෙස්ටර්න් කඳු මුදුණේ කඳුවුරු බැඳීමට ගිය පිරිසක් විසින් කඳු මුදුණේ කාන්තා මළ සිරුරක් ඇති බවට තලවකැලේ පොලිසිය වෙත (01) දින කල දැනුම් දිමක් මත සිරුර සම්බන්ධයෙන් විමර්ෂණයක් සිදු කිරිමට තලවකැලේ පොලිසියේ නිලධාරින් පිරිසක් කඳුමුදුන ට ගොස් තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ මියගොස් සිටි හඳුනා නොගත් කාන්තාවගේ මළ සිරුර සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ විමර්ෂණ ආරම්භ කර ඇති බවයි.

ග්‍රේට් වෙස්ටර්න් කදු මුදුණේ කඳවුරු බැඳීමට ඊයේ (01) පැමිණි තරුණ පිරිසක් කාන්තා මළ සිරුරක් තිබෙන බවට තලවකැලේ පොලිසියට කරන ලද දැනුම් දිමක් මතයි පොලිසිය විසින් පස්වරුවේ කඳු මුදුණට ගොස් විමර්ෂණයක් ආරම්භ කර ඇත්තේ.

ජිවිතක්ෂයට පත් කාන්තාව කිසියම් පිරිසක් සමග කඳු වැටිය තරණය කර ඇති බවත්, එහිදී එම කාන්තාව මිය යාමෙන් පසු සිරුර කඳු මුදුනේ තබා එම පිරිස පළා යන්නට ඇති බවට පොලිසිය සැක කරනවා.

කඳු මුදුනේ එක් පසෙක ප්‍රපාතය ආසන්නයේ මළ සිරුර හමුවී ඇති අතර මහේස්ත්‍රාත්වරයාගේ පරීක්ෂාවෙන් පසු සිරුර නුවරඑලිය මහ රෝහලට යොමු කෙරෙනු ඇති.

ග්‍රේට් වෙස්ටර්න් කඳු වැටිය වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුවට අයත් රක්ෂිතයක් වන අතර උඩරට දුම්රිය මාර්ගයේ ග්‍රේට් වෙස්ටර්න් දුම්රිය ස්ථානය දක්වා පැමිණෙන ඇතැම් තරුණ පිරිස් රක්ෂිතය හරහා ගොස් කඳු වැටියේ කඳවුරු බඳින අතර ඔවුන් කිසිදු අවසරයකින් තොරව රක්ෂිතය තුළට ඇතුළු වී කඳු මුදුනේ ද කඳවුරු බඳින බවයි නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයා පෙන්වා දෙන්නේ.

ග්‍රේට් වෙස්ටර්න් කඳු වැටියේ කඳවුරු බැඳීමට පැමිණෙන පිරිස් සඳහා රක්ෂිතය තුළට ඇතුල් විමට නිසි ක්‍රමවේදයක් සකස් කිරීමට වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුව සහ වනජීවී නිලධාරීන් සමග සාකච්ඡා කරන බව දිස්ත්‍රික් ලේකම්වරයා ප්‍රකාශ කළා.

  1. REYA ELIWENATHURU PHARAYO SET EKA ME GENI MARILA YANAKAMMA POLIM DLA WAGEYI. EKKO SALLI WALATA GENNA ATHI, NATHINAM KOHEN HARI RAWATTALA HARI BALEN HARI PANNAN ENNA ATHI. EHEMA HORAYK NATHINAM MEHEMA DALA YNNE NAHANE.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ව ඉස්සෙල්ලම ඇතුළට ගත්තේ යහපාලනයෙන් - පරික්ෂණ කිරීම ගැන අපේ විරෝධතාවක් නෑ
03:14
Video thumbnail
"ජනාධිපතිතුමාට ජනතාවගේ ඇති සැබෑ ආදරය මෙයයි"
00:23
Video thumbnail
නාමල් ගැන අහද්දි රංජිත් දුන්න පිළිතුර - හොරු අල්ලන්න - විපක්ෂය මර්දනය කරන්න දෙන්නේ නෑ
01:58
Video thumbnail
මොරටුව සලිත කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට
00:30
Video thumbnail
අම්පිටියේ සුමනරතන හිමි තර්ජනය කළ වීඩියෝව එළියට
01:21
Video thumbnail
නිවස බලාගන්න පැමිණි 61ක හැවිරිදි පුද්ගලයා නිවස තුළම එළොව යවලා
01:09
Video thumbnail
මොරටුව රත්කළ වෙ#ල්ලේ නවතම දර්ශන
01:12
Video thumbnail
පාසල් නිල ඇඳුමෙන් ළමයි කරපු කැත වැඩේ
01:09
Video thumbnail
සීගිරී මහා විහාරයේ පොඩි හාමුදුරුවෝ සෆාරි රියදුරෝ එක්ක කැලේ ඇතුලේ කරපු දේ
03:46
Video thumbnail
මාලිමාවේ මැති ඇමතිලා දැන් ඇ#ගෙන - ජනපති වටේ යන්න ආයේ උස්සන්න
02:54