ගනේමුල්ල සංජීව ඝාතනයට ඇල්ලූ වෙඩික්කරුව පෙරට්ටුවේ දී හඳුනාගෙන නෑ

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින වෙඩික්කරු යැයි කියන සමිඳු දිල්ෂාන් පියුමංග නමැති සැකකරු කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ පැවැති හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කළ අතර එහිදී සාක්ෂිකරුවන්ට සැකකරු හඳුනා ගැනීමට නොහැකි වුණා.

දසත අධිකරණ වාර්තාකාරිණිය පැවසුවේ, බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින මෙම සැකකරු දැඩි ආරක්ෂක විධිවිධාන මැද අද (04) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ බවයි.

එහිදී හඳුනාගැනීම සඳහා සාක්ෂිකරුවන් දෙදෙනෙකු අතිරේක මහේස්ත්‍රාත් හර්ෂන කැකුණවල මහතා හමුවට ඉදිරිපත් කළ අතර, ඔවුන්ට සැකකරු හඳුනා ගැනීමට නොහැකි වුණා.

ඉන් අනතුරුව මෙම සැකකරු දැඩි ආරක්ෂක විධිවිධාන මධ්‍යයේ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මියගේ නිල මැදිරියට ඉදිරිපත් කළා.

එහිදී සැකකරු මේ මස 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහෙස්ත්‍රාත්වරිය නියෝග කළා.

එදිනට සැකකරු මාර්ගගත තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද මහෙස්ත්‍රාත්වවරිය නියෝග කළා.

ඉකුත් පෙබරවාරි 19 වැනිදා කොළඹ අලුත්ක⁣ඩේ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය තුළ විත්තිකුඩුව මත දී ගණේමුල්ල සංජිව නමැත්තා ඝාතනයට ලක් වුණා.

එම සිද්ධිය සම්බන්ධයෙන් ගිනිඅවිය අධිකරණය තුළට ගෙන ඒමට ආධාර දුන් සෙව්වන්දි නැමති 25 හැවිරිදි කාන්තාව ද මේ වන තුරු අත්අඩංගුවට ගැනීමට නොහැකි වු බව ද එහිදී පොලිසිය සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
4
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ටිල්වින් යවපු කට්ටිය තමයි අපිට පහරදීලා තියෙන්නේ
02:07
Video thumbnail
ලක්ෂ 12ට හෑවගේ මොඩල් එකක්වත් ගන්න බෑ
11:15
Video thumbnail
අටමස්ථානාධිපති ගැන ජනප්‍රිය නිළි මහේෂි කට අරියි..සාක්ෂි තියෙද්දි කොහොමද එහෙම නිදහස් වුණේ ?
03:52
Video thumbnail
ගෙදරට කන්න නැතත් බැංකු ණය ගෙවපු මිනිහෙක් මම - බැංකු බද්ද ගැන ඩඩ්ලි රජයට කිව්ව සැර කතාව
08:19
Video thumbnail
දෙයියනේ මොකද්ද මේ වෙන්නේ - මහත්තයෝ දුවන්න දුවන්න
03:32
Video thumbnail
මහ බැංකුවේ පොලී අනුපාතය ඉහළ යාම ගැන ප්‍රබල හෙළිදරව්වක් - ණය ගත්තු අයටත් වැඩ වරදියි ?
10:25
Video thumbnail
විශ්‍රාමික නාවික සෙබලෙක් පිස්තෝලයක් සහ අයිස් සමඟ අත්අඩංගුවට
01:11
Video thumbnail
ටිල්වින් සිල්වා දෙවියන්ටත් වඩා බලවත් - අපි නම් බය නෑ
05:15
Video thumbnail
ඊයේ විමල්, අද සුගීශ්වර - තලංගම පොලිසියට කැඳවයි
01:26
Video thumbnail
සරණගේ නඩු 4ක තීන්දු ප්‍රකාශයට පත්කිරීම කල් යයි
01:53