ශ්‍රී ලංකා විසින් දිවයින පුරාවට ක්‍රියාත්මක කාර තිබෙන විශේෂ මෙහෙයුම්වලට අදාළ ඊයේ (24) දිනයේ වාර්තාව පොලිසිය විසින් නිකුත් කර තිබෙනවා.
එම නිවේදනයේ අනුව එම මෙහෙයුම්වලට අදාළව ඊයේ (24) දිනයේ දී පොලිසිය විසින් පුද්ගලයන් 27,189ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා.
එලෙස පරික්ෂා කරන ලද පිරිස අතරින් පුද්ගලයන් 459 දෙනෙක් සැකපිට අතදන්ගුව්ටා ගෙන ඇති අතර ඒ අතරින්, 19 දෙනෙක් අපරාධවලට ඍජුව සම්බන්ධ බවට පොලිසිය විසින් හඳුනාගෙන තිබෙනවා.
එමෙන්ම ඊයේ දිනයේ දී සිදු කරනු ලැබූ මෙම මෙහෙයුම් මඟින්, බිමත් රියදුරන් 36 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවත් සඳහන්.
ඊට අමතරව ඊයේ (24) දිනයේ දී පොලිසිය විසින් අපරික්ෂාකාරී රිය ධාවනයට අදාළව පුද්ගලයන් 104 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පෙන්වා දෙන්නේ.
පොලිසිය විසින් නිකුත් කර තිබෙන වාර්තාව පහතින්,
පොලිස්පතිතුමාගේ උපදෙස් මත දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා පොලිසිය සිදු කරගෙන යනු ලබන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් මඟින් දිවයින පුරා අපරාධ වලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කොට්ඨාස මට්ටමින් සියළුම ප්‍රාදේශීය පොලිස් ස්ථාන ආවරණය වන පරිදි විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත.













