කෝච්චි ප්‍රවේශ පත්‍ර වැඩි මිලට ඔන්ලයින් මාර්ගයෙන් විකිණූ මගපෙන්වන්නාට ඇප

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම එක්ව පවත්වාගෙන යනු ලබන ඔන්ලයින් ආසන වෙන් කිරීමේ ක්‍රියාවලියේදී දුම්රිය ටිකට් පත් දෙකක් රුපියල් 27,000 බැගින් වූ මුදලකට විදේශීය ජාතිකයන් දෙදෙනෙකුට වංචනික ලෙස විකිණීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සංචාරක මග පෙන්වන්නෙක් ඇප මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද (27) නියෝග කළා.

කඩුගන්නාව ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මධුක අෂාන් නමැත්තෙකු එසේ ඇප මත මුදා හැරීමට නියම කෙරුණා.

මහනුවර කොට්ඨාස අපරාධ කාර්යාංශය මගින් අත්අඩංගුවට ගත් සැකකාර පුද්ගලයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදීමෙන් අනතුරුව අද අධිකරණය වෙත ඉදිරිපත් කර කළා.

සිද්ධිය සම්බන්ධ කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කියා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර ද තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔවුන් අද දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවත් ය.

කඩුගන්නාව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් පුද්ගලයා මෙම සිද්ධියේ සිව්වන සැකකරුවන බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ ඔන්ලයින් ටිකට් පත් දෙකක් රුපියල් 27,000 බැගින් විදේශීය ජාතික කාන්තාවන් දෙදෙනෙකුට විකිණීමේ චෝදනාව යටතේ ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බව ද විමර්ශන නිලධාරීහු අධිකරණයට දැනුම්දුන්නා.

කිසියම් පිරිසක් එම දුම්රිය ටිකට් පත් ක්ෂණිකව මිල දී ගෙන ඒවා වෙනත් පුද්ගලයන් වෙත වැඩි මිලකට විකිණීමේ ජාවාරම සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් ඒ අනුව මහනුවර කොට්ඨාස අපරාධ කාර්යාංශය සිව්වන සැකකරුවා අත්අඩංගුවට ගෙන ඇති බව ද පැවසුවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් අධිකරණය හමුවේ කියා සිටියේ දුම්රිය දෙපාර්තමේන්තුව මොබිටෙල් ආයතනය සමග එක්ව ඔන්ලයින් මාර්ගයෙන් ටිකට් පත් අලෙවි කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවයි.

ඒ අනුව ඔන්ලයින් මාර්ගයෙන් නිකුත් කරන ටිකට් පත් කෙටි වේලාවක් තුළ කිසියම් පිරිසක් විසින් ක්ෂණිකව ලබාගෙන ඒවා වෙනත් පුද්ගලයන් වෙත වැඩි මිලකට අලෙවි කිරීමට කටයුතු කර ඇති බවට ලද පැමිණිල්ලක් අනුව විමර්ශන සිදු කරන බව ද එම නිලධාරින් අධිකරණයට දැක්වූ කරුණුවලින් හෙළි වුණා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා සැකකාර පුද්ගලයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා දැක්වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව සැකකරුට අධිකරණය එසේ ඇප නියම වුණා.

සැකකාර පුද්ගලයා වෙනුවෙන් නීතිඥ නාලක ජයසිංහ මහතා පෙනී සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මූණු විතරයි මාරුවුණේ ප්‍රතිපත්ති වෙනස්වෙලා නෑ - පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රටට ඕනිද ?
09:16
Video thumbnail
කන්ද උඩරට ඇසළ පෙරහර දෙවෙනි කුඹල් පෙරහර පැවැත්වූ අයුරු - බලන්නකෝ ඒ ලස්සන
03:14
Video thumbnail
රන්දෙවොල වගේ තියෙන අධිකරණය යටත් කරගන්න යන්නේ - ජනතාවගේ මනස විකෘති කරලා 22වන සංශෝධනය ගැන
04:04
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු
01:43
Video thumbnail
ග්‍රෙගරි වැවේ බිහිසුණු බෝට්ටුඅනතුරේ ඇත්ත කතාව එළියට
01:45
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු - සෙට් එක නොන්ඩි ගගහා එන හැටි
03:01
Video thumbnail
ආයතනයකට කඩා පැනලා යකා නටපු හැටි - තඩි හොරුනේ තමුසෙලා..සල්ලි අරගෙන මුන් ජෝගි දානවා
05:47
Video thumbnail
බෙල්ලන්විල ධම්මරතන නාහිමිගෙන් ආණ්ඩුවට සැර කතාවක් - හොරු ඉන්නවා වැහි වැහැලා..මේක සාර්ථක නෑ
03:59
Video thumbnail
පොලිසියේ අවධානය පිණිසයි.. ජීවිත අනතුරේ හෙළමින් මහ පාර බදු අරන් ගිය බස් රථය...
00:57
Video thumbnail
බූස්සට ගිය අධිකරණ ඇමතිට යකා නැග්ගද ?දැනගත්තත් මේකට උත්තර දෙන්නේ නෑ
02:32