spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කොළඹ – නුවර මාර්ගයේ රථවාහන ගමනාගමනය අද රාත්‍රියේ සීමා කෙරේ

අද (27) රාත්‍රියේ නුවර – කොළඹ ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනය සීමා කරන බව පොලිසිය දැනුම් දෙනවා.

පොලිසිය සඳහන් කළේ නිට්ටඹුව ශ්‍රී විජයරාම විහාරස්ථානයේ පෙරහැර හේතුවෙන් මෙලෙස රථ වාහන ගමනාගමනය සීමා කිරීමට සිදුවන බවයි.

අද (27) රාත්‍රියේ වීථි සංචාරය කරන පෙරහැර නිට්ටඹුව මල්වත්ත ශ්‍රී බෝධි විහාරයේ සිට කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ නිට්ටඹුව මංසන්ධිය දක්වා ගමන් කර, දකුණට හැරී අත්නගල්ල මාර්ගයේ ගමන් කර පසුව නිට්ටඹුව ශ්‍රී විජයාරාම විහාරස්ථානයට පැමිණීමට නියමිතයි.

ඒ, අනුව පෙරහැර නිට්ටඹුව මංසන්ධිය දක්වා ගමන් කරන කාලය තුළ කොළඹ – නුවර ප්‍රධාන මාර්ගය මල්වත්ත හංදියේ සිට නිට්ටඹුව මංසන්ධිය දක්වා නුවර දෙසට වූ මංතීරුවේ රථ වාහන ගමනාගමනයට සීමා කරන අතර, කොළඹ දෙසට වූ මංතීරුව රථවාහන ගමනාගමනය සඳහා සාමාන්‍ය පරිදි විවෘතව තබන බවයි පොලිසිය පැවසුවේ.

මාර්ගයේ රථවාහන ගමනාගමනය සීමා කරන කාලය තුළ කොළඹ දෙස සිට නිට්ටඹුව නගරය පසුකර නුවර දෙසට ගමන් කරන වාහනවලට විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි එම වාහනවල රියදුරන්ට පොලිසිය දැනුම් දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඡන්ද ප්‍රචාරක වැඩ අස්සේ ජනපති කරන මගඩි වැඩ ගැන හෙළිදරව්වක්...
02:42
Video thumbnail
අදනම් චිකාගෝවකි මා වෙසෙන රට... ආවා..තිබ්බා..ගියා..
05:48
Video thumbnail
රත්නපුර නගරය අවට තද සුළං සහ මහ වැසි...#rathnapura #1million #shorts
00:19
Video thumbnail
අනුරාධපුරය හෙල්ලූ භූමිකම්පාවේ ඔබ නොදත් තතු මෙන්න...
03:10
Video thumbnail
Club වසන්තගේ ඝාතකයින් රටින් පැන්නාද? #Clubwasantha #වසන්ත
03:50
Video thumbnail
Dasatha “පිටුවෙන් පිටුව” – LIVE | 2024-07-17
01:05:25
Video thumbnail
ජනපති අපේක්ෂකයන්ගේ ආරක්ෂාවට වෙන්න යන දේ ? #ranilwickremesinghe
01:49
Video thumbnail
වත්මන් දේශපාලන තත්ත්වය ගැන උණුසුම් කතා - "මැතිවරණ කොමිසම පිළිබඳවත් දෙගිඩියාවක් තියෙනවා"
02:55
Video thumbnail
දසත සවස 6.25 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය - DASATHA NEWS 6.25 PM LIVE | 2024-07-17 | Dasatha News
38:30
Video thumbnail
දේශපාලන වේදිකාවෙන් ලොකු කතාවක්..."මැතිවරණය ගැන දැනගන්නහැමෝම ඇඟිලි ගැනපු 17 අදයි"
05:33

?