කොළඹ – නුවර මාර්ගයේ රථවාහන ගමනාගමනය අද රාත්‍රියේ සීමා කෙරේ

අද (27) රාත්‍රියේ නුවර – කොළඹ ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනය සීමා කරන බව පොලිසිය දැනුම් දෙනවා.

පොලිසිය සඳහන් කළේ නිට්ටඹුව ශ්‍රී විජයරාම විහාරස්ථානයේ පෙරහැර හේතුවෙන් මෙලෙස රථ වාහන ගමනාගමනය සීමා කිරීමට සිදුවන බවයි.

අද (27) රාත්‍රියේ වීථි සංචාරය කරන පෙරහැර නිට්ටඹුව මල්වත්ත ශ්‍රී බෝධි විහාරයේ සිට කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ නිට්ටඹුව මංසන්ධිය දක්වා ගමන් කර, දකුණට හැරී අත්නගල්ල මාර්ගයේ ගමන් කර පසුව නිට්ටඹුව ශ්‍රී විජයාරාම විහාරස්ථානයට පැමිණීමට නියමිතයි.

ඒ, අනුව පෙරහැර නිට්ටඹුව මංසන්ධිය දක්වා ගමන් කරන කාලය තුළ කොළඹ – නුවර ප්‍රධාන මාර්ගය මල්වත්ත හංදියේ සිට නිට්ටඹුව මංසන්ධිය දක්වා නුවර දෙසට වූ මංතීරුවේ රථ වාහන ගමනාගමනයට සීමා කරන අතර, කොළඹ දෙසට වූ මංතීරුව රථවාහන ගමනාගමනය සඳහා සාමාන්‍ය පරිදි විවෘතව තබන බවයි පොලිසිය පැවසුවේ.

මාර්ගයේ රථවාහන ගමනාගමනය සීමා කරන කාලය තුළ කොළඹ දෙස සිට නිට්ටඹුව නගරය පසුකර නුවර දෙසට ගමන් කරන වාහනවලට විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි එම වාහනවල රියදුරන්ට පොලිසිය දැනුම් දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
00:00
Video thumbnail
ආලෝකා සුනඛයා වගේ පාද යාත්‍රාවේ යන අපේ රටේ සුනඛයා - අනුරාධපුරයේ ඉදන් පාද යාත්‍රාවේ එන හැටි
02:41
Video thumbnail
මගේ ලැම්බෝගිනිය ගෙනත් දෙන්න - ආණ්ඩුවට පිං සිද්දවෙයි
08:09
Video thumbnail
සියම් පාද යාත්‍රාවේ එන සුනකයා - හාමුදුරුවන්ට කිට්ටු වෙන්න දෙන්නේ නෑ
01:06
Video thumbnail
ගම්පොළ - වීගුලවත්ත ප්‍රධාන මාර්ගයට විශාල ගසක් කඩා වැටෙයි - මාර්ගයේ ගමනාගමනයටත් බාධා
00:58
Video thumbnail
අපිට බැනලා හරියන්නේ නෑ - ආණ්ඩුවට අපල කාලයක්.. පව්
05:05
Video thumbnail
විපක්ෂය එකම ජල්ලියක් අල්ලයි..මයික් එක දෙනවා ඕයි
02:22
Video thumbnail
රටේවත් නොහිටපු සලේ හයේ හතරේ ශෙල් එකක
00:39
Video thumbnail
හර්ෂගේ සෙල්ලමට අපි අහුවෙන්නේ නෑ - සජිත්ට වඩා වැඩ පෙන්නන්න හදනවා
01:40
Video thumbnail
කබරගොයත් තලගොයා කරගෙන ඉන්නේ හරිනි මැඩම් දැන් ?
01:54