අද (14) දිනයේ කොළඹ ජාතික අක්ෂි රෝහල තුළ සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
අක්ෂි රෝහලේ ප්‍රධාන පරිපාලකවරයාගේ විෂමාචාර ක්‍රියාකලාපයන් සම්බන්ධයෙන් බලධාරීන් විසින් මෙතෙක් කිසිදු පියවර නොගැනීමට එරෙහිව වර්ජනය ක්‍රියාත්මක වෙයි .
අද පෙරවරු 8.00 සිට පස්වරු 4.00 දක්වා කාලය තුළ අක්ෂි රෝහල තුළ වර්ජනය ක්‍රියාත්මක වන අතර අද දිනය තුළ මෙම ප්‍රශ්නයට විසඳුමක් නොලැබෙන්නේ නම් වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹෙන බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසීය.
Update 9.54am
අද (14) උදෑසන 08ට ආරම්භ වීමට නියමිත බවට නිවේදනය කර තිබූ කොළඹ අක්ෂි රෝහලේ සංකේත වැඩවර්ජනය අවසන් කර ඇති බව වාර්තා වේ.සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා සමඟ පැවති සාකච්ඡාවෙන් අනතුරු ව සංකේත වැඩවර්ජනය අවසන් කළ බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය නිවේදනය කරයි.