Fly high Get bonus Aviator Phone

කොවිඩ් ව්‍යාජ දත්ත වලට හේතුව සෞඛ්‍ය ඇමති හේතු දක්වයි

තවත් කොරෝනා මරණ 209ක් ඊයේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළ අතර ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 8157ක් දක්වා ඉහළ ගියා. කොරෝනා මරණ සංඛ්‍යාව 200 ඉක්ම වූ ප්‍රථම අවස්ථාව මෙයයි.

ඒ සමඟ ම සමස්ත මරණ සංඛ්‍යාව 8000 සීමාව ඉක්මවූවා. ඊයේ තවත් කොරෝනා ආසාදිතයින් 4602ක් හඳුනා ගැනුණු බව යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළා.

ඒ අතරින් විදේශයන්හි සිට පැමිණි පුද්ගලයන් 05 දෙනෙකු ද සිටින බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව හාර ලක්ෂ 12,370ක් දක්වා ඉහළ ගියා.

තවත් කොරෝනා ආසාදිතයන් 2139 දෙනෙකු ඊයේ සුවය ලබා රෝහල්වලින් පිට ව ගොස් තිබෙනවා. ඒ අනුව, සුවය ලැබූ මුළු ආසාදිතයන් සංඛ්‍යාව තුන්ලක්ෂ 51,069ක් දක්වා ඉහළ ගිය බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

මේ අතර සෞඛ්‍ය අමාත්‍යංශය මඟින් කිසි ලෙසකින් ව්‍යාජ දත්ත ලබා දීමක් සිදු නො කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අවධාරණය කළා.

ඒ සම්බන්ධයෙන් එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් යම් තාක්ෂණික හා කාල රාමුවන්හි සුළු වෙනස්වීම් හේතුවෙන් ඇතැමුන් පදනම් විරහිත චෝදනා එල්ල කර ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ.

වෘත්තීය සමිති නියෝජිත පිරිසක් සමග සෞඛ්‍ය අමාත්‍යංශයේ ඊයේ පැවති සාකච්ඡාවක දී අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මේ බව ප්‍රකාශ කළේ යැ යි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළා.

මේ අතර බෝනොවන රෝගවලට සායනික ප්‍රතිකාර සඳහා යොමුව ඇති අවුරුදු 60 ඉක්මවු පිරිස් කෙරෙහි වැඩි අවධානයක් යොමුකර ඇති බවත් ඔවුන් සියලුදෙනා කඩිනමින් පුර්ණ එන්නත්කරණය සඳහා යොමුකරන බවත් අමාත්‍යවරයා එහිදි සඳහන් කළේය.

කොවිඩ් ආසාදිතව මියයන පිරිසෙන් 86%ක් විවිධ සංකූලතා සහිත පිරිස් වන බවත් ඉන් 12%ක් පළමු එන්නත පමණක් ලබාගෙන ඇති බවත් අමාත්‍යවරයා එහිදි පෙන්වා දී තිබේ.

එමෙන්ම මියගිය අයගෙන් එන්නත් දෙකම ලබා ඇති පිරිස 2.5%ක් වන අතර ඔවුන් ද විවිධ සංකූලතා පෙන්නුම් කළ අය බව ද අමාත්‍යවරයා එහිදී පැවසීය.

එමෙන්ම,දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇදිරි නීතිය දීර්ඝ කරන්නේ ද යන්න සම්බන්ධයෙන් වන තීරණය අද දිනයේ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සඳහන් කළේ,

කොරෝනා මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය අද රැස්වීමට නියමිත අතර, එහි දී මෙම තීරණයට එළඹෙන බවයි. එහි දී, දැනට වාර්තා වී ඇති ආසාදිතයින් සහ කොරෝනා මරණ පිළිබඳ අවධානය යොමුකර, නිරෝධායන ඇඳිරි නීතිය දීර්ඝ කරන්නේ ද නැද් ද යන තීරණයට එළඹෙන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ.

මේ අතර,නිරෝදායන නීති රීති කඩ කිරීම සම්බන්ධයෙන් ගත වූ පැය 24 තුළ, පුද්ගලයින් 626 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව නිරෝධායන නීති රීති කඩ කිරීම සම්බන්ධයෙන් මේ දක්වා අත්අඩංගුවට පත් වී ඇති ගණන 59,621 දෙනෙක්.

බස්නාහිර පළාත තුළ ස්ථාපිත කොට ඇති මාර්ග බාධක 13කින් බස්නාහිර පළාතට ඇතුළු වූ වාහන 307ක් සහ පුද්ගලයින් 515ක් පරීක්ෂා කර ඇති අතර, පරීක්ෂා කරන ලද බස්නාහිර පළාතින් පිට වූ වාහන ගණන 302ක්.

බස්නාහිර පළතෙන් පිට වූ පුද්ගලයින් 580 දෙනෙකු ද පොලිසියේ පරීක්ෂාවට ලක් වී තිබෙනව බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ කාර්‍යාලය දැනුම් දෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ටීචර් අම්මාගෙ කෙරුම්කාරම්වකට ලක් වූ තරුණයාට ශරීර ඇප මත මුදාහරින ලෙස නියෝග
01:48
Video thumbnail
සියලුම ජනමාධ්‍යවේදීන්ට ආසිරි පතා කිරිවෙහෙර හීදී පැවැත්වූ විශේෂ පූජාව
01:11
Video thumbnail
හල්ලොලුවට වෙ# තැබීම කුමන්ත්‍රණයක් ? - අජිත්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
32:55
Video thumbnail
හර්ෂණ ලෙසටම ආණ්ඩුවට දෙසයි
08:07
Video thumbnail
ජාතික රණවිරු සැමරුමට එන්නෑ කියූ ජනපති, එන්න තීරණය කරයි
02:29
Video thumbnail
කොටහේන වෙ#ඩි තැබීමේ සිද්ධියේ සැකකරුවන් මාට්ටු
01:21
Video thumbnail
සෙල්ලම් බඩු ආනයනය රටට අත්‍යාවශ්‍ය නෑ
05:31
Video thumbnail
ෆන් එක ඔයාලා ගන්න හැබැයි පරිස්සමින්
01:08
Video thumbnail
මෙරට අලි - ඇතුන් ඝා#නය කිරීමට එරෙහිව මහජන පෙත්සමක්
02:33
Video thumbnail
‍රංජිත් මද්දුමබණ්ඩාරට යකා ආවේශ වෙයි - ඇයි අපේ සාකච්ඡා කඩාකප්පල් කරන්නද හදන්නේ
01:43

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?